Kidnapped 🚫(05)

4.1K 672 184
                                    

ජන්කුක් closet  එකට ගිහින් විනාඩි දහයකට පස්සේ ටේහියුන්ග්ද closet  එක අස්සට කඩිමුඩියේ රිංගුවේ ජන්කුක්ට ඇතුලෙදි මොනා හරි වෙලාද කියලා හිතට  දැනුන බය නිසා....

මොනා හරි  ජන්කුක්ට වෙලාද කියලා හිත හිතම දොරවල් දෙක ඇරලා ඉක්මනින් closet  එකට ගිය ටේහියුන්ග් විශාල closet  එක අස්සේ පුංචි කොල්ලෙක්ව හොයන්නයි ඊලගට  ලෑස්ති උනේ....

ජන්කුක්ගේ රූපේ closet  එක අස්සේ නැති වෙද්දි ටේහියුන්ග් අඩිය ඉක්මනින් කරලා ගියේ එයාගේ කෝට් දාලා තියෙන කබඩ් එක පැත්තට....

ඒ හරියට ලං වෙනවත් එක්කම යාන්තම් පුංචි කකුලක් එලියට පේන්න තියෙද්දි ටේහියුන්ග් මෙච්චර වෙලා හිරකරගෙන හිටිය හුස්ම පහල දාන ගමන් ඒ ලඟට ගියේ ජන්කුක්ගේ නම කතා කරගෙනමයි.....

🐯: ජන්කුක් මොනාද ඔය බිම ඉදගෙන කරන්නේ.....

ටේහියුන්ග් එහෙම කියන ගමන් තවත් ටිකක් ජන්කුක්ට ලං වෙද්දි  නොදැනීම ඒ  මුහුන මත  පොඩි හිනාවකින් ලස්සන උනේ ඇඟිල්ලත් කටේ ගහන් ඒක උර උර බිම ගුලි වෙලා නින්ද ගිහින් ඉන්න ජන්කුක්ව දැකලා.....

🐯: පිස්සු කොල්ලෙක්....

ලඟ තිබ්බ කබඩ් එකට අතත් පපුව ඉස්සරහින් බැදගෙන හෙත්තු උන ටේහියුන්ග් ඔලුව දෙපැත්තට වන වන හිමින් හිනා වෙන්න ගත්තා....

🐯: ඔහෝ ශිට්.....

ටේහියුන්ග් ටික වෙලාවක් හුරතල් ජන්කුක් දිහා ඇස් පිල්ලම්වත් නොගහා ඔහේ බලන් ඉද්දි එක පාරම හරි සිහියට ආවේ ජන්කුක්ගේ  underwear  එක දැකලා....

තාමාත් තෙත ඇඳුම පිටින් AC කරපූ රූම් එක ඇතුලේ ජන්කුක්  ගුලි ගැහිලා නින්දන් ඉන්න එකට හේතුව දැනුයි ටේහියුන්ග්ට මීටර් උනේ.....

🐯: අයිශ්.....ඇත්තටම මොලේ මංඥන්ද මන්දා මේ කොල්ලාට...මෙච්චර වෙලා ඇඳුමක් දා ගන්නේ නැතුව මෙකේ අස්සේ මොනා කරාද?

ටේහියුන්ග් තමන්ට එහෙම මුමුන මුමුන ජන්කුක්ගේ  නින්දට බදා නොවෙන්න ඒ කකුල් අස්සෙනුයි පිට මැද්දෙනුයි අත යවලා ජන්කුක්ව බ්‍රයිඩල් style එකට වඩාගෙන කාමරේට එක්කගෙන ආවා.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now