𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03

515 133 30
                                    

•~•

කෙල්ල උදේම ලෑස්තිවෙලා රස්සාවට යන්න ගෙදරින් එළියට බැස්සේ හිතේ පොඩි තිගැස්මකුත් තියාගෙන.ඊයේ වුනා වගේ සිදුවීමක් කවදාවත් කෙල්ලට වෙලා නෑ.ඒ ගැන සෙරීගේ හිතේ තිබ්බේ මහ පිළිකුලක්.බස් එකේ යනකනුත් කෙල්ලගේ ඔලුවට ආව දේවල් ගැන හිත හිත කෙල්ල වැඩ කරන තැනටම ආවේ කෙල්ලටත් නොදැනී.

"මම බහිනවා"

එකපාරටම මේ ලෝකෙට කඩන් වැටුනා වගේ කෙල්ල බස් එකෙන් බැස්සේ අනිත් මිනිස්සු කෙල්ල දිහා බලන් ඉද්දි.කෙල්ලට අද වැඩට ගිය ගමන්ම ජිමින් කෙල්ලට පණිවිඩයක් එවලා තිබ්බා ඇවිල්ලා එයාව මුණ ගැහෙන්න කියලා.කෙල්ල ඇදුමවත් මාරු නොකර ජිමින්ගේ කැබින් එකට ගියා.

"ඇතුළට එන්න සෙරී."

"ඇයි සර් මට එන්න කියලා තිබ්බේ"

"ඇත්තටම මට මේ ගැන කණගාටුයි සෙරී.ඔයාට අද ඉදන් මෙහෙ රස්සාව කරන්න බැහැ.අදම ඔයාට මෙහෙ රස්සාව අත අරින්න වෙනවා"

"ඒත් සර් මොකද්ද මගේ අතින් උන ප්‍රශ්නේ "

"ඇත්තටම ඊයේ වුන දේවල්වල ඇත්ත අපි දැනගත්තා.ඔයා මෙහෙ තියන රූල්ස් ගැන දැන දැනම එහෙම හැසිරුනු එකට අපි විරුද්ධයි .ඒක ඔයාගේ කැමැත්තෙන් වුන දෙයක් කියලා අපි දැනගත්තා.ඒ හින්දා තවත් මෙතන ඔයාට රස්සාව කරන්න දෙන්න බෑ."

"ඒත් සර් ඊයෙ වුන දේවල් ඔයා හොදටම දන්නවනේ.ඇත්තටම ඒ මිනිහා මට කරදර කරන්න හැදුවේ"

"සොරි සෙරී දැන් කරන්න දෙයක් නෑ."

"හරි මම දැන් මේකේ වැඩ කරන කෙනෙක් නෙමේනේ.එහෙනන් මිස්ට මේ ටිකත් අහගන්න. මේ හෝටලේ බංකොලොත් වෙලාම යන්න ඕන.මෙහෙ අපිට දවල් කෑමට දෙන සුප් එකේ ලුණු බිංදුවක් නෑ.මිනිස්සු කොහොම කනවද මන්දා.ආ අනිත් එක මෙහෙ චෙෆ් ඕ ගෝඩ් කිසිම වැදගැම්මකට නැති පිස්සු බේබද්දෙක්."

"යාහ්"

ජිමින් මේසෙටත් ගහලා ඉදන් හිටපු තැනින් නැගිට්ට ගමන් කෙල්ල ජිමින්ගේ කැබින් එකෙන් එළියට ගියා.

ඩොග්.....!

"ආව් පාර බලාගෙන යන්න බැයිද ආහ්."

කෙල්ල ඔලුවත් අල්ලන් බිම ඉදන් නැගිට්ටේ ඇගේ හැප්පුන මිනිහට කෑ ගහන ගමන්.ජන්කුක්ව දැක්ක ගමන් කෙල්ල රවලා ආපහු බිම බලාගත්තා.ජන්කුක් අත දික් කරත් කෙල්ල තනියම නැගිට්ටේ ජන්කුක් දිහාට මහ අමුතු බැල්මක් දාන ගමන්.

𝐁𝐀𝐃 𝐁𝐎𝐒𝐒 ||🚫 JJK Fғ #sɪɴʜᴀʟᴀ#ᵒⁿᵍᵒⁱⁿᵍ Where stories live. Discover now