4.Michigan Soul

79 9 22
                                    

Lia ඇගේ හිසට ඉහළින් තිබූ වහළයේ සිවිලිම දෙස දෑස් අයා බලා සිටියා.
සිවිලිමේ තිබුණු විනිවිද පෙනෙන අඩි 4ක පමණ පළල්  වීදුරුවත්,වහළයේ ඊටම ඉහළින් තිබුණු වීදුරුවත් නිසා ,සුදු පැහැ වලාකුළින් බර , නිල් පැහැ මධ්‍යහ්න අහස ඒ හරහා පැහැදිලිව දැකගත හැකි වුණා.
උදෑසන පැවැති මූසල අඳුරු බවෙහි සේයාවක් හෝ දක්නට නොමැති අහස සැබවින්ම, සිත නිවන දසුනක් වුණා.

හිඳ සිටි පුටුවේ පිටුපස විට්ටමට හිස බර කළ Lia,පපුව හරහා දෑත් බැඳගෙන,මදක් ඉදිරියෙන් තිබූ මේසය මත පාද තබා,කකුළක් පිට කකුළක් දමාගෙන,  මන්දගාමීව ඇදී යන මිහිදුම් පටල වැනි වළාවන් දෙස ඔහේ බලා සිටියා ය.

"Lia කෙල්ලේ!!!දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ.!! මන් හිතුවේ මාව අමතක වෙලාවත්ද කියලා?!"

Liaට ඇසුණේ ඔහුගේ විස්මයට පත්, කාරුණික කටහඬ.
පුටුවේ විට්ටමින් හිස දකුණු පසට ඇල කළ Lia,ඔහු දෙස බැලුවේ දෑස් සිහින් කර, විමසුම් සහගත දෑසක් මවාගනිමින්.

"Shop එකත් ඇරලා දාලා කොහෙද ගියේ???!" Lia ඇසුවේ උස් හඬින්.

"මං මේ කෝපි එකක් බොන්න ගියා " ඔහු කීවේ දෑස් කරකවමින්.

"Shop එකත් ඇරලා දාලා ගියේ ඒකටද??!" Lia ඇසුවේ කටහඬේ කිසිදු වෙනසකින් තොරව.

"හපොයි හපොයි මේ කෙල්ල ,මේක පොත් සාප්පුවක් මිසක් , Jewelry shop එකක් නෙමෙයි කෙල්ලේ ,අනික මේ භූත බංගලාව වගේ තියෙන Dark winter  පොත් සාප්පුවට පණ තියෙන මනුස්සයෙක් එනවා කියලද?? ආවත් අරන් යන්න තරම් වටින දෙයක් මේක ඇතුළේ තියෙනවා කියලයැ.
මං වුණත් මේ වටේ පිටේ වෙන්නේ මොනාද කියලා දැනගන්ඩ එපැයි.ඒ නිසා මං මේ පොඩ්ඩක් එහා පැත්තේ තියෙන Caffe එකට ගියා කියලා මෙතන මුකුත් අන්රස්දාන වෙන්නෙ නෑ."

ඔහු සිනාසෙමින් කීවේ Lia සිටි මේසයට ඉදිරියෙන් තිබූ , පුටුවෙහි හිඳගනිමින්.

නැවත හිස එසවූ Lia, දෑස්  සීලිමේ වීදුරුව දෙසට යොමු කරගත්තා ය.

ඔහු, Mr.Patric.විශ්‍රාමලත් විශ්වවිද්‍යාල ඉංග්‍රීසි සාහිත්‍යය ආචාර්යවරයෙක්.වසර හතකට පෙර සිදුවූ ඔහුගේ බිරිඳගේ අභාවය නිසා ,Californiaහි සිය නිවස විකුණා දැමූ ඔහු,Chicago වෙත පැමිණ මේ විශාල පැරණි සාප්පුව මිලදීගෙන එහි පදිංචි වුණේ එය පොත් සාප්පුවක් ලෙස නවීකරණය කිරීමෙන්.
ඔහු ප්‍රියමනාප පෙනුමක් හිමි , කාරුණික පුද්ගලයෙක්.කෙසේ නමුත්, Chicago වෙත පැමිණි දා පටන් ,Mr.Patricගේ පොත් සාප්පුවට නිරතුරුව පැමිණි ,එකම ප්‍රාණියා වූයේ Liaම පමණයි.
Lia සහ Mr.Patric අතර බැඳීම පැහැදිලිව වටහාගත නොහැකි නමුත් , තමන්ගේ යැයි හැඟෙන බැඳීමක් වුණා. එක් අතකින් එය ගුරුවරයෙක් හා ශිෂ්‍යාවක් අතර බැඳීමක් ලෙසත් දැක්විය හැකියි.
වෙනත් ගැනුම්කරුවන් තියා අසල්වැසි නිවැසියන් හෝ සාප්පුකරුවන්   පවා මෙහි පය තැබුවේ අත්‍යවශ්‍යම කරුණකට පමණයි.ඒ ද,ගේට්ටුව අසල ඇති සීනුවේ බොත්තම ළඟට තම අත දිගු කළ හැකි දුරක් පමණයි.
       මන්දයත්,එක් මහලකින් යුත් මධ්‍යම ප්‍රමාණයේ වූ, මන්දිරයක් වැනි දශක ගණනාවක් පුරා පැරණි මෙම සාප්පුව පිළිබඳ ඔවුන් තුළ පැවතියේ බියමුසු හැඟීමක්.පදික වේදිකාවේ සිට එයට ඇතුළු වීමට තිබූ,කළු පැහැ කැටයම් සහිත මධ්‍යම ප්‍රමාණයේ ගේට්ටුව සෑම අලුයමකදීම  අන් හැම සාප්පුවකටම පෙර විවෘතව පැවතියා.
කළුගල් ඇතිරූ කුඩා මාවත දෙපස , වෙන් කළ බිම් තීරුවල සාරවත්ව වවන ලද පීච් පැහැති ඩේලියා සහ purple smoke වැනි  මල් වර්ග දක්නට ලැබුණා.pine සහ තවත් ශාක හා පැළෑටිවලින් ගහන වූ බිමක් සහිත මන්දිරය , කෞතුකාගාරයක් ලෙසයි පෙනුනේ.මන්දිරයට ඇතුළු වීමට තිබූ මීටර දෙකක් පමණ පළල් ,උස ගල් පඩි 6ක පඩි පේළියට ඉහළින් ඇති, දැවමය අරුක්කුවක් සහිත වහලය රෝස පැහැ විවිධාකාර කුඩා කුඩා මල්වැල් එල්ලුණු පිවිසුමක් වුණා.
අඳුරු දිගු වීදුරු ජනේලත් ,
දැවමය දාරයන් තිබූ  විශාල වීදුරු දොරටුවත්, එහි යම් අද්භූත පෙනුමක් මවා තිබුණා.නමුත්,ගේට්ටුව අසල හෝ අවටින් සිට බලන්නෙකුට මෙහි ,ගල් අතිරූ මං තීරුවත්, ගස්කොළනුත් හැරුණු විට පෙනුනේ මන්දිරයේ ත්‍රිකෝණාකාර කොන් සහිත අළු පැහැති වහළය පමණයි.

Falling into Me Where stories live. Discover now