6.Memory or ..?!

51 6 16
                                    


"හරි හරි ඒත්..."

Zhohanගේ අපහසුතාවට පත් මුහුණ දෙස බලා ,Lia තොල්මතින්  සිනාසුනේ, මුව තුළින් දත් මිටි කමින්.
Lia දෙස සෘජුවම බැලීමට තරම් සවියක් නොතිබුණු Zhohan පොළව දෙස බලමින් සිය බෑගයෙන් එල්ලුණු පටියක් ඔහුගේ ඇඟිලි අතර පටලවමින් සිටියා.

ඔහුගෙන් මෙවැන්නකට පිළිතුරක් නොලැබෙන බව තේරුම්ගෙන සිටි Lia , ආපසු හැරුණේ  තම පැරණි ණයකාරයින් කිහිපදෙනා සිහිකරමින්.
ඔවුන් ඇගේ ණයකාරයින් බවට පත් වීමට ප්‍රථම හේතුව Zhohan විය.
Lia තමා නිසා අනවශ්‍ය ලෙස කරදරවල පැටලෙණු දැකීමට Zhohanට අවශ්‍ය වූයේ නැහැ.ඉදින්, ඔවුන්ගෙන් සිදුවූ අඩන්තේට්ටම් ඔහු විසින් තනිවම විඳ දරාගනු ලැබුණා.

හිස ඔසවා බැලූ Zhohanට දක්නට ලැබුණේ Burnside දෙසට ඇවිද යන Liaව.

"Lia එපා"
______________

Burnside නමින්ම ගිනි ඇවිලෙන සුළු පෙදෙසක්;දේවල් නොව මිනිසුන්.
කොටින්ම ජනාකීර්ණ හා දූෂිත මුඩුක්කු ප්‍රදේශයක් යැයි කීවොත් නිවැරදියි.

සිමෙන්ති ගල් ඇතිරූ දූවිලි වැකුණු කෙටි මංතීරු දෙපස පැවති ඉපැරණි නිවාස සංකීර්ණ හා කුඩා කඩ වීදි සමඟ නානාප්‍රකාර මිනිසුන් ඒ මේ අත ඇවිද යද්දී ඇතැම් සංචාරකයින්ගේ ද හද බැඳි පෙදෙසක් වූ , උදෑසනක් හෝ රැයක් වෙන්කර හඳුනාගත නොහී මද අපැහැදිලි අඳුරින් යුතු එහි, ඉදිරියට ඇවිද ගිය Lia ,
අවසානයේදී නැවතුණේ ,තමා අවසන් වරට ඔවුන්ට අභියෝග කළ තැනදී.
මංතීරුව පසෙක පැවතියේ අවන්හලකි.මංතීරුව අයිනෙහිද අවන්හල පසට වන්නට මේස පුටු තබා තිබිණි.

කුලීකරුවන් සේ සිතිය හැකි කිහිපදෙනෙක් එහි බීර බොමින් සිටියහ.සෙමෙන් හුස්මක් ඇදගත් Lia එහි කෙළවරක වූ අඳුරු මුල්ලක පුටුවකට බරදුන්නේ අවන්හල අවසානයේ මංතීරුව බෙදුණු වංගුව දෙසට දෑස් යොමු කරමිනි.

"මොනාද බොන්නේ???"
එහි සිටි ලාබාල රූමත් යුවතියක් විමසිලිමත් බැල්මක් හෙලමින් විමසුවාය.

"Red wi...."

"ව..තුර තව li.mmme juice එකක්"
Liaගේ වම් පසින් පිහිටි අසුනට හති හලමින් කඩා වැටුණේ Zhohan.

Falling into Me Where stories live. Discover now