අයියේ මං එන්නද ?...
අයියේ ඔයා තාම නිදිද ?
අයියට නිදාගන්න දෙන්න ළමයෝ.. අම්මා එහෙම කිව්වේ එයාගේ හුරතලා අවුරුදු දහයකට පස්සේ ලංකාවට ආවේ ඊයේ රෑ නිසා..
මට ඕවා අදාළද .. නෑ කොහෙත්ම නෑ . මෙච්චර දවස් මගේ රාජධානිය වෙලා තිබ්බ මේ ගෙදර වැඩ වෙන්නේ මට ඕනේ විදිහට කියලා තමා මං හිතන් ඉන්නේ
මං දොරට පොඩි තල්ලුවක් දැම්මා .. ඒත් එක්කම හිමීට දොර ඇරුනා .. බුදු අම්මෝ සුවඳ .. පුදුම සුවඳක්නේ මේ කාමරේ ..
මෙච්චර දවස් ඔලුවේ හොල්මන් කරපු ප්රශ්නේ අදනම් විසඳගන්නවා කියලා හිතලා කාමරේට ගියත් මේ අයියා කියන මනුස්සයා පේන්න නෑ... බැල්කෙනි එකට යන දොරත් වහලා .. කොහේ ගියාද මං දැක්කනේ කාමරේට එනවා .. බාතෲම් එකේ දොරට ගහන ගමන් ආයේ කෑ ගැහුවා ...
අයියේ ඔයා බාතෲම් ද ..
අයියේ..
ඕයී...
සතුටුයි තුන් පාරක් කෑ ගැහුවට පස්සේ ෂවර් එක අරින සද්දේ ඇහුනා .. එයා එහෙම තමා වැඩි කතාවක් නෑ කා එක්කවත් ..
හරි දැන් තමා වැඩේ .. මං කාමරේ පුරාම ඇස් දෙක යැව්වේ ඊයේ අයියණ්ඩි ගෙනාපු ට්රැවලින් බෑග් එක හොයන්න ..
බෑග් එක අරගෙන ඇරලා බැලුවේ මං හොයපු දේ තියෙනව නේද බලන්න .. මොකද පහුගිය දවස් ගානම මේ කාමරේ හැම අස්සක් මුල්ලක් නෑරම මං හොයලත් හොයා ගන්න බැරි වුනා කියන්නේ අනිවාර්යයෙන් එයාගේ බෑග් එකේ තියෙන්න ඕනේ කියලා මං දැනම් හිටියා
හිතුවා වගේම හම්බුනා
ඉතින්
මං ඉක්මනින් ඒකේ ෆොටෝ කීපයක් අරන් ආපහු බෑග් එක වහලා තිබ්බු තැනින්ම දැම්මේ සැක නොහිතෙන්න ..අම්මා ලස්සන බෙඩ්ශීට් එකක් දාලා අයියගේ ඇදට .. සුවදයි සනීපයි ..
මාත් මොකාද වගේ ඇදෙන් වාඩිවෙලා ඇදේ නිදන් හිටපු අයියාගේ බලුතඩියගේ පිට උඩින් ඔලුව තියන ගත්තා ...
බල්ලා වුනත් ඌ මට වඩා නාන නිසා ප්රශ්නයක් නැතුව නිදිය ගන්න පුලුවන්.ටික වෙලාවකින් අයියා ආපු නිසා මං මගේ ප්රශ්න විචාරාත්මක වැඩ සටහන පටන් ගත්තා.. මං ආසයි අයියා එක්ක කතා කරන්න .. මං කියන හැම දේම එයා උනන්දුවෙන් අහන් ඉන්නවා .. හැබැයි උත්තර දෙන්නේ නෑ ලේසියකට
මේ හලෝ .. ඔයා හිටියට වඩා මහත් වෙලානේ ..
.................
එහෙන් කෙල්ලෙක්වත් සෙට් වුනේ නැද්ද
අන්න ඒක අහපුවාම නම් ඔලුව උස්සලා මං දිහා බැලුවා.. වැඩක් නෑ ආයේ ෆෝන් එක දිහා බලන් ස්ක්රීන් එක ස්කෝල් කරනවා
අර මගේ යාලුවා අර සුදු කොන්ඩෙ කොට .. මතකද .. අන්න එයා කිව්වා ඔයාව සෙට් කරලා දෙන්න කියලා .. හාද කියන්නකෝ ..
එපා
ඔව් ඒ එයා අවුරුදු දහයකට පස්සේ මා එක්ක කතා කරපු පළවෙනි වචනේ..
කෙල්ලෙක් ඉන්නවාද ඒ කියන්නේ .. ඈහ් .. කියන්නකෝ ...
.....................
අඩුම කොල්ලෙක් වත් ..
ඌප්ස් ... දවා අලු කරන බැල්මක් දැම්මා හදවත සලිත වෙන්න ... හරි ඉතින් කේන්ති ගන්න ඕනේ නෑනේ .. කමක් නෑ ඕනේ එකක්
මේවා වැඩක් නෑ කෙලින්ම බහිමු ටොපික් එකට ...
මේ ටෙඩියෝ දෙන්නාගේ තියෙන විශේෂත්වේ මොකද්ද කියනවාකෝ අයියේ .. මං දන්න කාලෙක ඉදන් එයාලා ඔයා ගාව ඉන්නවා නේ
මං මෙච්චර දවස් හොයපු දේ ඒ ටෙඩියෝ දෙන්නා .. බෑග් එකෙන් ඇදලා ගන්න ගමන් මං ඇහුවා
ඔලුව උස්සලා බලපු අයියාගේ ඇස්දෙක ගැස්සුනා.. මූනත් සුදු මැලි වුනා ... මං දැක්කා හරිනම් ඒ ඇස් දෙක තෙත් වුනා එක තත්පරේට ... කීප පාරක් උගුර පාදපු එයා
"යාලුවෙක්ට දෙන්න ගත්තු එකක් " කියාගෙන එහෙන්මම බැල්කෙනි එක ට ගියේ මගේ අතේ හිටපු ටෙඩියෝ දෙන්නව උදුර ගෙන ..
මොකද්ද මේ පැටලවිල්ල .. හිතාගන්න බෑ මට .. කොහොම හරි විසඳන්න වෙනවා ..
........................................................................................................
දෙවෙනි ඇසින් හමු වෙමු