අවුරුදු ගානක් තිස්සේ හිතින් විදවපු කොල්ලෙක් තමන්ගේ ජීවිතයම වුනු පෙම්වතියව සුපුරුදු ඇමතුමෙන් ආමන්ත්‍රණය කරනවා..
මැණික
මේ උඹමයි නේද .. ඔව් නේදඅක්කා ඒම නැත්නම් මගේ අයිතිකාරි (ආ තවටිකකින් මගේ විතරක් නෙවේ කියලා මට තේරුනා ) මෙච්චර සෙනගක් ඉස්සර දුවගෙන ගිහින් අයියාව බදාගත්තා ..
ඔව් හොද ප්‍රශ්නයක් මේ වෙද්දි මං හිටියේ කොහෙද කියන එක .. මං යහතින් කොෆීටේබල් එක උඩට වෙලා මේ හැම දේම බලන් ඉන්නවා.. වටේ හැමෝම නිශ්ශබ්දයි.
කොහොම හරි විනාඩි දහයකට විතර පස්සේ අක්කයි අයියයි පොඩ්ඩක් ඈත් වුනා .. පොඩ්ඩි අක්කා ඇවිත් අයියාගේ අතට අර අක්කාගේ ලොක් ස්ක්‍රීන් එකේ ඉන්න ටෙඩියෝ දෙන්නාව හිනා වෙවී දුන්නා ..
මගේ තෑගි මටම හොයා ගන්න වෙලානේ .. කොහෙද ඉතින් ලොකු අය වුනාට මොකෝ පොඩි එවුන්ටත් අන්තයි නේ .. ආ හා ඒකෙන් වැඩක් නෑ අයියේ දැන්වත් කියන්න හිටපු එක අක්කට කියන්න ..
අයියා ටෙඩියෙක්ව අරගෙන දණ ගහලා
විල් යූ බී මයි ගර්ල්ෆ්‍රෙන්ඩ් අගේන්
කියලා ඇහුවා .. අක්කත් ඔලුව වනලා ටෙඩියව අතට ගත්තු ගමන් අයියා නැගිටලා අර හැමෝම මැද්දේ අක්කගේ තොල්වලට පහත් වුනා ... එතනින් පස්සේ වෙච්චි දේවල් මට මතක නෑ පාඨකවරුනි මොකද කියනවානම් බැට්‍රි බැහැලා මාව ඕෆ් වෙලාම ගියා ..
මගේ කැමරා කාචයේ අන්තිමට සටහන් වුනු පිංතූරය මේ..නිමි.