කෙල්ලෙක්ට ෆොටෝග්‍රැෆි කරන්න බෑ කියන .. ඕවා කරලා කාටද හරිගියේ කියලා කියන ... ගෑනු ලමයෙක්ව ඕම හැමතැනම යවන්නේ නෑ කියලා සදාචාරෙයි සංස්කෘතියයි කියා ගන්න අවුරුදු දෙදාස්පන්සීයක අහවල් එක ගැන පම්පෝරි ගහන විකාර මිනිස්සු පිරුනු ලෝකෙක මගේ අම්මයි අප්පච්චි ගැන මං ගොඩක් ආඩම්බරවෙනවා ..හීන දකින්න එපා කවදාවත් ඒ වෙලේ නැගිටලා වැඩ කරන්න කියලා සර්ලා දුන්නු මෝටිවේෂන් අරගෙන වැඩකරපු අතීතයක් මටත් තියෙනවා .. මැරීගෙන පාඩම් කරලා පලවෙනි පාර කෙලම වෙආ ඊලග පාරත් ඒලෙවල් කරලා කැම්පස් ජීවිතෙත් විඳලා ඩිග්රියකුත් අරගෙන ආයේ ඉස්කෝලේ යන කාලේ වගේ කැමරාවක් එල්ලගෙන රෝන්දේ යන අමුතු ජීවියෙක් මම
ඇති නේ ස්වයංවර්ණනාව .. මනෝලෝකෙන් බැහැලා මැසෙන්ජර් පැත්තේ ඔලුව දැම්මේ ඇවිත් තියෙන වැඩ මොනාද බලන්න ... සුපුරුදු විදිහටම අලුත් ෆොටෝෂූට් කීපයක්ම හම්බෙලා තිබ්බා . මං ඒවට රිප්ලයි කරලා ෆෝන් එක තියද්දිම ඔන්ලයින්ම හම්බුනු නංගි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබ්බා..
ටෙඩී නංගි .
එහෙමයි සේව් කලේ මං .. ඒක ටිකක් දිග කතාවක් .. වැඩ ගොඩක් තියෙන දවසක මං වැඩිපුරම ආදරේ කරන ෆොටෝ එකක් ස්ටෝරි දැම්මා ...
නෑ නෑ කොල්ලෙක්ගේ නෙවේ .. ටෙඩියෝ දෙන්නෙක්ගේ .. ආදරේ කලේ ටෙඩියටද ටෙඩියන්ගේ අයිතිකාරයටද ඇහුවොත් දැන්නම් හිතෙන්නේ දෙන්නටම .. මගේ පළවෙනි හා අවසාන ප්‍රේමය .. මොකද වුනේ කියලානම් මාත් දන්නේ නෑ වුනේ මොකද්ද කියලා අදටත් හිතාගන්න බෑ ..
චැට් ලිස්ට් එකේ කන්ටැක් එක පින් කරගෙන අවුරුදු 10කට කලින් ආවා වගේ එක පාරක් මැසේජ් එකක් එයි කියලා බලන් ඉන්නවා අද වෙනකම් ... තව අවුරුදු විස්සක් නෑ තිහක් දන්නේ නෑ කොච්චර කල් බලන් ඉදීද කියලා ..
ඔය ඉතින් පරණ මතක ගිනි තියලා නේද මනුස්සයෝ හිටියේ .. මහලොකුවට phenix photography කියලා නේද නැගිට්ටේ ආයේ මොකටද ඔය කුනු අවුස්සන්නේ වගේ ලුක් එකක් දාන් ඉන්න කැමරාව දැක්කාම තමා මට හිනා ගියේ ..මං හිතනවා මගේ කැමරාවලට කතා කරන්න පුළුවන් , මං කියන දේවල් තේරෙනවා කියලා
අර ටෙඩී නංගියා ඔය ෆොටෝ එක දැකපු වෙලේ ඉදලා මගෙන් ඒ ගැන ප්‍රශ්න අහනවා .. මං හිතන්නේ කෙල්ලට ටෙඩියෙක්ට හිත ගිහින් වගේ .. සත්තයි මං ගාව උන් දෙන්නා හිටියානම් එකෙක් දෙනවා .. පස්සේ එක එක වල් පල් කියෝලා ෆිට් වුන නිසා තමා ටෙඩී නංගි කියලා නම්බර් එක සේව් කරගත්තේ
හ්ම්ම් කෙල්ලගේ බර්ත්ඩේ එකේ ෆොටෝ ටික ගන්න කියන්නේ .. එදාට වැඩක් තියෙනවා මං මගේ ස්ටූඩියෝ එකේ කැමරමන් කෙනෙක් එවන්නම් කිව්වට බැහැමලු .. අයියෝහ් මං ඔය ෆන්ෂන් ඔක්කොටම මගේ අනික් කැමරමන්ලා යවන්නේ ඒ තැන්වල තියෙන සද්දෙට ආස නැති නිසා..
මං මොකද දැන් කරන්නේ .. ඔයාවත් කියන්නකෝ කැමරාවගෙන් ඇහුවට එයා මුකුත් කිව්වේ නෑ .. ඒ කියන්නේ හා කියන එක වෙන්න ඇති කියලා හිතපු මං නංගිට හා කියලා වැඩේ බාර ගත්තා ..
කොහොම හරි එදා දවසේ කෙල්ලට පොඩි ගිෆ්ට් එකකුත් අරගෙන ගියේ මොනා වුනත් මගේ යාලුවෙක් නිසා ..
ආසයි මටත් නංගියෙක් හිටියා නම් .. පුංචි දරුවෙක් වගේ යලුවෝ එක්ක විනෝද වුනු අවස්ථා මං කැමරා කාචයට අහු කරගත්තේ හරි සතුටින් ..
නංගිගේ අම්මාව දැක්කාම හුරුපුරුදු ගතියක් දැනුනත් ඔලුවට එන්නේ නෑ ඇයි කියලා .. සමහර විට එකම හැඩ හුරුව තියෙන අය ඕනි තරම් ඉන්නවානේ
කොහොම හරි හවස් වෙනකම් ඉදලා කට්ටිය කේක් එක කපන්න ලෑස්ති වෙද්දි මට එක පාරටම ඇහුනු කටහඩ අදුන ගන්න අමාරු වුනත් ඒ වචනේ .. මගේ මුලු හදවතම නතර කලා වගේ දැනුනා .. වෙන්න පුලුවන් දෙයක්ද නැත්නම් මගේ හිතට ආපූ සිතුවිල්ලක්ද කියලා තෝරගන්න බැරුව එහෙන්මම ගල් ගැහිලා වගේ හිටියා ..
.........................................................................................................
හමුවෙමු කැමරා ඇසකින්