Important 🍒(07)

3.8K 679 360
                                    


🐯:  නැහැ අජුම්මා....ඔයා මං ගෙනාපු එක කෙසෙල් ගෙඩික්වත් අල්ලන්න එපා හරි ....මේ ගෙදර ඉන්න කාට කාටත් මේ කියන්නේ මෙහෙ ඉන්නවා නම් බොන්න ඕන තේ එක්කො කෝපි...එහෙම බොන්න බැරි එක්කෙනෙක් ඉන්නවා නම් අයට උදේට බඩගින්නේ ඉන්න පුලුවන්..මට කිසි ප්‍රශ්නයක් නැහැ....

ජන්කුක්ට බනානා මිල්ක් එක්ක තියෙන ඒ ආත්මීය බැදිම ගැන එක අංශුමාත්‍රයක්වත් නොදැනගෙන හිටිය ටේහියුන්ග් ඒ විදිහට දෙයක් කිව්වේ ජන්කුක්ව අවුස්සන්න උනාත් ජන්කුක්ගේ ප්‍රතිචාර එයා හිතුවාට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් උනා.....

ටේහියුන්ග් බලන් ඉද්දිම ජන්කුක්ගේ පුංචි නහයේ හරි මැද  රතු පාටට හැරිගෙන එද්දි ටේහියුන්ග්ගේ ඇස් ඉබේම වගේ ගියේ ජන්කුක්ගේ ඇස් වලට.....

ඒ ඇස් වලද අර තිබ්බ දිලිසෙන ගතිය පොඩ්ඩ පොඩ්ඩ වැඩි වෙද්දි ජන්කුක් තද කරගෙන එයාගේ යටි තොල හපා ගත්තේ ඒ රෝස පාට තොල් පෙති ද රත් පැහැ ගැන්වෙන්න....

ලෝකේ විනාසයක් වෙන්න කලින් තියෙන ඒ නිහඬ බව වගේ තත්වයක් මුලු කුස්සිය පුරාම පැතිරෙද්දි ටේහියුන්ග්ගේ හිතටද ගෙනාවේ මහම මහ අමුතු අත්භූත හැඟීමක්.....

" මං මොන හරි වැරදි දෙයක්වත්  කිව්වා ? ..."

ටේහියුන්ග් එහෙම හිතන ගමන් තමන් දිහා එක එල්ලේ බලන් ඉන්න ජන්කුක්ගේ ඇස් මඟ හැරලා බැලුවේ එයාලාගේ අජුම්මා දිහා......

ජන්කුක්ගේ බෝල ඇස් දෙකට කඳුලු පිරීගෙන එන ගමන් ඒ කඳුලු බිංදු ඇස් යට දඟලන්න පටන් ගත්තේ දැන් වැටෙන්නද දැන් වැටෙන්නද අහන්න වගේ....

අජුම්මාද එයාගේ සියලුම වැඩ නවත්තලා කටකාර ජන්කුක් එක පාර නිහඬ වෙන හේතුව බලන්න ජන්කුක් දිහා හැරෙද්දි ටේහියුන්ග්ද  ජන්කුක් දිහා බලලා කට අරින්න සූදානම් උනේ දෙයක් උනා නම් සමාවෙන්න කියන්න....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now