මම ජන්ග්කුක් එක්ක ටිකක් එහාට ආවේ ජින් නම්ජුන් දෙන්නට තනියෙන් ගත කරන්න කාලේ දෙන්න ඕන නිසා.අනික පැය ගානක්ම එක තැන වාඩි වෙලා කියවලාම මගේ ඇගත් හිරිවැටිලා.ජන්ග්කුක් නම් මට ඉස්සරහින් උඩ පැන පැන වටපිට බල බල යනවා.මේ කොල්ලාගේ හුරතල් කම මට නම් කොච්චර දැක්කත් එපා වෙන්නේ නෑ.ඇත්තටම ජන්ග්කුක් හරි සුන්දරයි..ආ...මේ හුළග නිසයි මල් වල් සුවද නිසයි මගේ ඇග හිරිවැටෙනවා..
"හියුන්ග්....අපි අරවා කමු..."
ජන්ග්කුක් මං ගාවට දුවන් ඇවිත් අපිට ටිකක් එහායින් තිබුනු පොඩි කඩයක් පෙන්නුවා.මම ඒ කඩේ දිහායි ජන්ග්කුක් දිහායි මාරුවෙන් මාරුවට බැලුවා..ස්නැක්ස් කාලා බීම බීලා දැන් තවත් පැණිරස...ආ....මට බෑ....ඒත් ඒ හා පැටියාගේ මූන බලන් කියන්න බැරි නිසාම මම ඔලුව වැනුවා.මෙන්න මාවත් ඇදන්ම එතනට දිව්වා...
මායි එයයි ටිකක් එබිකම් කර කර බැලුවා මොනාද තියෙන්නේ කියලා.ඒ කඩේ පොඩි ළමයි පිරිලා
පොඩි ළමයි අතරේ අලි බබාලා දෙන්නෙක් මොන ලැජ්ජාවක්ද..."ඔයා මොනාටද ආස හියුන්ග්.."
"ම්..මම..මට තයියකි හොදයි.ඔයාට?"
"දන්ගෝ...ඒවා රසායියියියියි!!!"
"හුරතලේ..ඔහොම ඉන්න මම අරන් එන්නම්.."
මම ජන්ග්කුක් ගේ කම්මුලක් මිරිකලා ගිහින් තයියකි 4කුයි දන්ගෝ කූරූ 4කුයි ගත්තා.
ඒ ටික අරන් මම ජන්ග්කුක් ට දුන්නාම හිනා වෙලා ස්තූතියි කියලා ආයේ මගේ අත අල්ලන් ඉක්මනින් කඩෙන් එළියට ආවා..
ඊට පස්සේ අපි දෙන්නා ගත්තු දේවල් බෙදාගෙන කකා ටික දුරක් ඇවිදන් ඇවිත් ඇල ගාව තිබ්බ බැම්ම උඩින් වාඩි වුනා.
"වාහ් හියුන්ග් මේ දන්ගෝ එහේ එවාට වඩා රසයි..."
"ඇත්ත..මෙහෙ ගොඩක් කඩ දාගෙන ඉන්නේ ගම්වල මිනිස්සු.ඒකයි ඒ තරම් කෑම රස.."
"හ්ම්..ඉතින් හියුන්ග්..අද කොහොමද?"
"නියමයි..මම ආසයි..මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම මල් බලන්න එන එක මෙච්චර විනෝදයි කියලා."
"මාත්..අපි ආයේ එමු ඊළග පාර.."
"අනිවාරෙන්ම..හියුන්ග් මට පාර්ට් ටයිම් ජොබ් එකක් හොයාගන්න උදව් කරන්නකෝ."
YOU ARE READING
You And I
Fanfic"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" මම ඒක අහද්දි මෙච්චර වෙලා දිලිසුන ඇස් ආයේ අදුරු වුනා.එයා ආයේ මුහුද දිහා බලන් හිටියා.. "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොද...