Acting 🎭(09)

3.3K 630 252
                                    

සුපර් මාකට් එක බලා පිටත් උන ජන්කුක් ටේහියුන්ග් අතර කිසිම කතාවක් ඒ ගෙවිගෙන ගිය විනාඩි ගානේ ඇතුලේ හුවමාරු උනේ නම් නැහැ....

ජන්කුක් ද ශටර් එකට ඔලුව තියාගෙන ටිකෙන් ටික විදුලි බල්බ වලින් ආලෝකමත් වෙන සුන්දර සෝල් නගරය දිහා වශි වෙලා වගේ බලන් ඉද්දි එයාට ටේහියුන්ග් එක්ක කතා කරන එකද මොහොතකට අමතක වෙලා ගිහින් තිබ්බේ......

නමුත් රෙඩියෝ එකකවත් ශබ්දයක් නැති කාර් එකේ නිහඬ බව නම් ටේහියුන්ග්ට ගෙනාවේ හරි මුස්පෙන්තු හැඟීමක්.....

වෙන වේලාවට කැඩිච්ච කෝච්චිය වගේ කියවන ජන්කුක් ද දැන් නිශ්ශබ්දව පාර බලාගෙන ඉන්න නිසා ටේහියුන්ග්ට දැනුනේ කියා ගන්න බැරි විදිහේ කම්මැලිකමක්...

🐯: මේ හලෝ..?

වැඩිය කා එක්කවත් කතා කරන්න අකමැති ටේහියුන්ග් අවසානේ එයාගේ ඒ තියරිය පැත්තකට දාලා ජන්කුක් එක්ක මුලින් කතා කරන්න හිත හදා ගත්තා....

🐰: ඕඕඕ හුන්ගී....

🐯: ඔයා මොනාද ඔච්චර එලිය බලන් කරන්නේ...?

🐰: මේ ඔකු බිල්ඩින් දිහා බලන් හිටියේ...අම්බෝ ඒවා හෙන විසාලායි නේ....

🐯: ඇයි කලින් ඔච්චර ලොකු බිල්ඩින් දැකලා නැද්ද ?

🐰: දැකලා තීනෝ...එත් ඉතිං සෝල් හුඟාක් ලස්සනයි....

🐯: පුහ් ඒවාටත් ඉතිං පින තියෙන්න ඕන....ඔය හද්ද දොටේ ගම් වල ඉපදුන උදවියට නම්  මෙව්වා ඉතිං හීන තමයි.....

🐰: ඒක නම් ඇත්ත.....මාත් ප්‍රාර්ථනා කරන්නේ ඊලඟ ආත්මේ මාව දිව්‍යලෝකේ ඉපදෙන්න කියලා....

🐯: දිව්‍යලෝකේ ? පුහ් ඉපදෙයි බලන් ඉන්නවා....දේවල් දහයක් කරොතින් ඒවා වලින් 9.99 ක්ම නරක වැඩ...හැබැයි යන්න හදන්නේ දිව්‍යලෝකේ....මට නම් 100% ක් ශුවර් කවදා හරි දවසක  ඔයා දිව්‍යලෝකේ වලාකුලක් උඩ කෙසේ වෙතත් හෙලුබැල්ලෙන් කටු ගහෙ නැගගෙන ඉන්න විදිහ නම්  බලා ගන්න පුලුවන් වෙයි කියලා ......

Bratty kid     (Completed ✅)Where stories live. Discover now