The little Thief 🕴️(14)

3.3K 621 255
                                    

තවත් දවස් දෙක තුනක කාලයක් ඔය විදිහට ගෙවීලා ගියා....

ටේහියුන්ග් හැම උදේටම වැඩට පිටත් වෙද්දි ජන්කුක් හැම උදේම පොත් ටිකත් අතට අරන් ලෑස්ති උනේ එදා දවසට එන ගුරුවරයා එක්ක එකතු වෙලා ඉගෙන ගන්න.....

ඒ දෙන්නාගේම ජිවීත නොදැනීම ආයේ ඒකාකාරී උනාත් ටේහියුන්ග් ජන්කුක් අතර හැම සැරේම උන හුරතල් වලි නම් ඒ ගෙදර කිසිම විදිහකින් අඩුවක්  උනේ නම්  නැහැ.....

ජන්කුක්ට මිස් ලීයා ඇරෙන්න තවත් subject  දෙකක් උගන්නන්න ගුරුවරු දෙන්නෙක් ආවාත් ඒ දෙන්නාම පිරිමි අය උන නිසා ජන්කුක්ගේ ආසාම ටීච වගේම ආසාම විශය උනේ ඉංලිශ්....

මිස් ලීයා කිම් මැන්ශන් එකට ඇවිත් සතියට දවස් දෙකක් ඉංග්‍රීසි උගන්නද්දි ඒ දවස් දෙකට විතරක් ටේහියුන්ග්ගේ කණ්නාඩි මේසේ උඩ තියෙන බඩු මුට්ටුද ආගිය අතක් නැති උනා.....

එදාත් මිස් ලීයා එන දවසක්....

ටේහියුන්ග්ටත් කලින් ද මන්දා නැඟිට්ට ජන්කුක් වේලාසනම බාතෲම් එකට පැනලා පැයකට කිට්ටු වෙන්නම ඇඟපත හෝදලා තමන් ලඟ තිබ්බ ලස්සනම ඇඳූම ඇදගෙන කාමරේන් එලියට ආවේ හැමදාම වගේ හොරකමේ යන වැඩේ පටන් ගන්නයි.....

ක්‍රීරීඊඊඊඊන්ංං.....🚪💢

ජන්කුක් හිමීට ටේහියුන්ග්ගේ කාමරේ දොර ඇරලා මුලින් තමන්ගේ ඔලු ගෙඩිය විතරක් ඇතුලට දාලා මුලු කාමරේ වටේම ඇස් යැව්වා.....

🐰: කවුලු හලී ඉන්නෝ ?

ජන්කුක් තමන්ටවත් ඇහෙන්නේ නැති ගානට එහෙම කියලා කෙලින්ම බැලුවේ ටේහියුන්ග්ගේ ඇඳ දිහා....

හ්ම්ම් ටේහියුන්ග් නම් ඇඳේ හිටියේ නැහැ.....

🐰: කියන්නේ හුන්ගී ලැට් එකේ....

ටේහියුන්ග්ගේ බාතෲම් එකෙන් ඇහෙන නෑහෙන ගානට වතුර සද්දයක් ඇහෙද්දි ජන්කුක් තමන්ගේ ඇඟිලි තුඩු වලින් හිටගෙන ටේහියුන්ග්ගේ කාමරේට හෙමින් ගොඩ උනා......

( අර පින්ක් පැන්තර් එකේ යන මියුසික් එක මතක් කර ගන්ඩකෝ...😂.)

කොහොම හරි කිසිම සද්දයක් නොකරපූ ජන්කුක් අවසානේ එයාගේ මිශන් එක කම්ප්ලිට් කරන ගමන් කණ්නාඩි මේසේ ඉස්සරහ හිට ගත්තා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now