" කිසිම වැඩක් කරන්නේ නැතුව් ඔයාට මහන්සියි නම් නිදාගන්න ඕනේ වුණත් නින්ද යන්නේ නැත්තන් පාඩම් කරන්න කදු ගණන් පොත් තියාගෙන කාලේ කනවනම් ඔයා කාලකන්නියෙක් "
පැත්තකට වෙලා ඔහේ පුටුවක වාඩි වෙලා ඉන්න යුන්ගිට ජිමින් කියද්දී එයා අනිත් පැත්ත හැරුණේ ජිමින් කියන්න කලින් ඉදලම එයා දැනගෙන හිටියා තමන් කාලකන්නියෙක් කියලා..
එකොළහ වසරේ ඉගෙනුම ලබපු යුන්ගිගේ පෙම්වතා ජිමින් විසි නව හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවෙක්..
එයාලගේ සම්බන්ධයට අවුරුද්දක් කිට්ටුයි.. ඒත් දැන් සති දෙකකට විතර උඩදී හැමදාම හවස පහට ICT විෂය හදාරන්න යුන්ගි ජිමින්ගේ ගෙදර ගියත් එයා කරේම පොත් ටික පැත්තකින් තියලා සෝෆා එකේ මුල්ලකට වෙලා ඔහේ හිටපු එක..
ජිමින් යුන්ගිව productive ළමයෙක් කරන්න කොච්චර උත්සහ කරත් යුන්ගි මුරණ්ඩු නිසා ඒක කරන්න ගොඩක් අමාරුයි..
" ඇත්තටම ඔයාට ඉගෙන ගන්න ඕනේ නැද්ද "
ජිමින් ඇහුවේ මූණත් එල්ලගෙන ඉන්න යුන්ගිගේ හිස පිරිමදින ගමන්..
" ඕනේ "
" ඇයි ? "
" මට සල්ලි ඕනේ "
" එච්චර ද ? "
" ඔව් "
" හීනයක්, අරමුණක් නැද්ද ඔයාට "
" නෑ.. "
" මුලින්ම අරමුණක් හදාගන්න.. ඔයා එකට කැප වෙලා වැඩ කරන්න "
" මට අරමුණක් ඇත්තෙත් නෑ මට එහෙම එකක් ඕනෙත් නෑ " යුන්ගි කිවේ නුරුස්සන විදිහට..
" එහෙනම් ඉතින් ඕනේ මගුලක් කරගන්න "
ජිමින් නැගිටලා යන්න ගියේ යුන්ගි එයා දිහා හිස් බැල්මකින් බලාගෙන ඉද්දි..
වෙලාව රෑ නවය හමාරට කිට්ටු වෙලා තිබුණත් යුන්ගි හිටපු තැනමයි..
" අද යන්නේ නැද්ද ? "
" නෑ "
YOU ARE READING
𝐃𝐔𝐋𝐋 | 𝙼𝚈𝙶 ; 𝙿𝙹𝙼 [√]
Fanfictioncover by @lil_gukie " NEVER ENDING SAGA " YOONMIN PUBLISHED -: 18.03.22 at 00.37 WORDCOUNT ; 587 ©anti-social-cat