Pool 🏊(16)

3.1K 618 186
                                    

🐯: No no it's okay....මට dinner  එක පස්සේ හරි ගන්න පුලුවන්...ඔයා මේ වේලාවේ හරි කෝල් කරලා එයා ගැන කිව්ව-

ටේහියුන්ග් ෆෝන් එකත් කනේ තියාගෙන කලින් එලියට ආපු දොර දිහාවට ගියේ ආයේ ගෙදර ඇතුලට යන්න කියලා හිතාගෙනයි.....

නමුත් කලින් දැක්ක චායාවල් නිසා හිතේ ඇති වෙලා තිබ්බ කුතුහලයත් සැරෙන් සැරේ පුල් එක දිහාවට ඔලුව හරව හරව හිටියේ එකේ පුරුද්දටත් එක්ක ටේහියුන්ග් ආයේම සැරයක් එයාගේ බෙල්ල හිමින් හරවන ගමන් පිටිපස්සේ තිබ්බ පූල් එක දිහා බලන්න සූදානම් උනාත් ටේහියුන්ග්ගේ බෙල්ල සම්පුර්ණයෙන්ම හැරෙන්නත් කලින් එයාට ඇහුනේ පූල් එකට ලොකු ගලක් වගේ දෙයක් වැටෙනවායි....

ජබොක් 💦...

🐯: හෑ...?

කලින් චායාවලුත්  දැන් සද්දෙත් එක්ක ටේහියුන්ග්ගේ මුලු හිතම බයෙන් වෙලද්දි ටේහියුන්ග් කලින් ඇරපු දොරෙන් අඩිය ඉක්මන් කරලා ගේ ඇතුලට ගියේ පූල් එකට වැටුනේ මොකක් උනාත් ඒක පහුවෙනිදාට බලනවා කියලා හිතලා....

🌷: මොකක්ද මිස්ටර් කිම් උනේ ?

🐯: අහ්හ් නැහැ නැහැ මිස් ලීයා..මුකුත් නැහැ.....එහෙනම් අපි පස්සේ හම්බෙමූ..මං දැන් තියන්නම්...ගුඩ් නයිට්....

🌷: Okay මිස්ටර් කිම්..ගුඩ් නයිට්....

මිස් ලීයාගේ කෝල් එක කට් උන ක්ෂණිකයෙන් ෆෝන් එක කන ලඟින් අහකට කරපූ ටේහියුන්ග් එහෙමම ගියේ ජන්කුක් වගේම අජුම්මා ඉන්න කුස්සියට....

🐯: අජුම්-

👩: පොඩි බෙබී...කෝ පුංචි බෙබීව අරන් ආවේ නැද්ද ? මේ බලන්න එයාගේ කෑම පිඟානත් එහෙමමයි.....

ටේහියුන්ග් අජුම්මාට කතා කරන්න කට අරිද්දි ඊට කලින් ඉස්සර උන අජුම්මා ටේහියුන්ග්ගේ කතාවට බාදා කරලා මුලින්ම කතා කරන ගමන් ජන්කුක් කකා හිටිය කෑම පිඟාන පෙන්නුවා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now