Sadness 🌼

280 75 29
                                    

Suga's pov

"හියුන්ග්...ජුන් කෝ?"

මම ජින් හියුන්ග්ගේ ගෙදරට ගියේ නම්ජුන් එක්ක ටිකක් කතා කරන්න හිතන්...

"එයා නානවා.එයි දැන්..මොකො අද වේලාසනින් වැඩ ඉවරද?"

"නෑ හියුන්ග්..මට ටිකක් කම්මැලි හිතුනා.."

"ඔයා වාඩි වෙන්න මම බොන්න මොනාහරි ගේන්නම්..."

ජින් හියුන්ග් ගියාම මම පුටුවේ වාඩි වෙලා කල්පනා කරේ ජන්ග්කුක් කිව්ව දේ ජින් හියුන්ගෙන් අහනවද නැද්ද කියලා...

"ඔහ් යුන්ගි ඔයා ආව එක හොදයි.."

ජුන් ටවල් එකෙන් ඔලුවත් පිහ පිහ ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුනාම ජින් හියුන්ග් අපි තුන් දෙනාටම උණුම උණු කොපි අරන් ආවා.

"ඇයි ජුන්..මොකො ප්‍රශ්නයක්වත්ද?"

"නෑ නෑ..ජින් හියුන්ග් එවුන් වූගේ ගෙදර රෑ කෑමට එන්න කිව්වා.අද එයාගේ නැන්දායි මාමායි ඇවිත්ලු කොරියා ඉදන්."

ජුන් කිව්ව කතාවට මට බිව්ව කෝපි උගුර ඉස්මොල්ලේ ගියා.දැන් ඉතින් මෙයාලාගේන් අහලා වැඩක් නෑ අහන්න කලින්ම කිව්වේ අර කුණු ගොඩගේ නම..

"ඔහ් එහෙමද?"

"ඔව් ,අනික යුන්ගිට මතකද මම කිව්වෙ එයාව අදුන්වලා දෙන්නම් කියලා.කොල්ලාට ඒකත් මතක තිබිලා.ඒ නිසා යුන්ගිටත් ඉන්වයිට් කරා."

"ම්..මොකක්..?"
මම තවත් පුදුමෙන් කෑ ගැහුවා.ඔය මනුස්සයාගේ මොනා අදුනගන්නද තවත්.මගේ කුකිව නාස්ති කරපු එකානේ...මම හිතින් හිතුවට ඕවා කිව්වේ නෑ.

"ඔව් ඒ නිසා හවසට එන්න..අපි තුන් දෙනාම යමු...හරිද?"

"ඒත් ජුන්..ම්..මම මේ..."

"අනේ යුන්ගි..එන්නකෝ..අපි ඔයා එක්කනේ හැමතැනම යන්නෙත්...ප්ලීස්..."
ජින් හියුන්ග් එච්චර ඉල්ලද්දි බෑ කියන්න බැරි කමට මම ඔලුව වැනුවා.ආ...දැන් ජන්ග්කුක් ගේ ගෙදර යන්න ඕනිද මම..මෙයාලා ජන්ග්කුක්ව දැක්කොත්...ආ මට පිස්සු වගේ...ඒ මදිවට එවුන් වූ...සන්සුන් වෙන්න යුන්ගි..සන්සුන් වෙන්න..ජන්ග්කුක්ට කියමු..මේ ගැන එතකොට හරි...

මම හියුන්ග්ලාගේ ගෙදරින් ආව ගමන්ම ජන්ග්කුක්ට කෝල් කරත් කොල්ලා අන්සර් කරේ නෑ.වැඩක් වෙන්න ඇති කියලා හිතුන නිසා මම විස්තරේ කෙටියෙන් කියලා මැසෙජ් එකක් දැම්මා..පැයක් දෙකක් ගියත් කොල්ලාගෙන් කෝල් එකක්වත් මැසෙජ් එකක්වත් තිබ්බේ නෑ..ඔම්මා එක්ක ඇති සමහරවිට..මම එහෙමත් හිතලා හිත හදාගත්තා..හවස 6 ට වගේ මම ලෑස්ති වෙලා ජුන්ගේ ගෙදරට ගියා..කොහොමහරි තුන් දෙනාම ලෑස්ති වෙලා ජන්ග්කුක්ගේ ගෙදරට...නෑ නෑ එවුන් වූගේ ගෙදරට යන්න පිටත් වුනා.

You And IWhere stories live. Discover now