Fart 🌬️(20)

3.3K 572 298
                                    


🐯: අහ්හ්හ් අජුම්මා....

ටේහියුන්ග් නින්දෙන්ම එහෙම කියන්න ගත්තේ එයාගේ ඇඳේ අනිත් පැත්ත නිකන් ටිකක් බර වෙනවා වගේ එයාට  දැනුන නිසා.....

: මාත් ආවා ඉතිං....

🐯: අජුම්මා ඔයා ඔයාගේ කාමරේට යන්නකෝ.....

ටේහියුන්ග්ගේ කන ලඟින් හීන් සද්දයක් ඇහෙද්දි එයා නිදිමතෙන්ම මුහුන එහෙට මෙහෙට හරවන ගමන් නින්දෙන්ම උත්තර දුන්නා......

🐯: ඔයාට සීතලද අජුම්ම්මා....?

: ඔව් ටිකක්....

🐯: ඔයාගේ ඔලුව හුඟාක් පුංචි වෙලානේ අජුම්මා....

ටේහියුන්ග් එයාගේ පපුවට තුරුලු වෙලා ඉන්න අජුම්මාගේ ඔලුව අල්ලලා එහෙම කියන්න ගත්තා....

: මං ඔයාට ආදරෙයි පොඩි බෙබී....

🐯: හ්ම්ම් මාත් ආදරෙයි.....

: හිකි හිකි....

ටේහියුන්ග් මොනාද කියන්නේ කියලා එයාවත් නොදැනගෙන ඉද්දි අනිත් පැත්තෙන් ටේහියුන්ග්ගේ අත උඩ ඔලුව තියාගෙන හිටිය කෙනා අතින් කට වහගෙන හිනා වෙන්න ගත්තා....

ටිකකින් ටේහියුන්ග් එයාගේ අත උඩ තියෙන ඔලුව ලඟට ලං වෙලා ඒ ඔලුව උඩින් තමන්ගේ තොල් තියන ගමන් මෙච්චර වෙලා වහගෙන හිටිය ඇස්  හෙමින්  ඇරියා....

🐯: හොලි ශීට්...!!! ආආආහ්හ්හ්.....!!!!!

ටේහියුන්ග් ඇස් අරිනවාත් එක්කම දැක්කේ සුදු රෙද්දක් ඔලුවේ ඉදන් පෙරවගෙන මුහුන විතරක් එලියේ දාගෙන දත් සෙට් එකම විරිත්තගෙන හිනා වෙලා ඉන්න එක්කෙනෙක්වයි....

ඒ එක්කම වගේ කලබල උන ටේහියුන්ග් කෑගහගෙන පිටිපස්සට යන්න හැදුවත් ටේහියුන්ග්ට අමතක උනා එයා රෑ නිදා ගත්තේ ඇදේ කෙලවරේ කියලා....

ටේහියුන්ග්ගේ පිටයි ඔලුවයි බිම ටයිල් එකට වැදෙද්දි ටේහියුන්ග්ගේ කකුල් දෙකම උඩට ඉස්සිලා තිබ්බේ.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now