Ten'th one

3K 333 2
                                    

සාමාන්‍ය විදිහට කාලය එයාගේ පාඩුවේ ගෙවිලා ඉදිරියටම ගියා.කැෆේ එකේදි ගොඩක් වෙලාවට ජන්ග්කුක්ව යෝරටත් යෝරට ජන්ග්කුක්වත් හම්බවුනා.ඒත් ගොඩක් වෙලාවට ඒ දෙන්නා රණ්ඩු වෙනවා ඇර වෙන දෙයක් කරේ නම් නෑ.අනිත් අයටත් ඒක දැන් පුරුදුයි.මේ දෙන්නගේ රණ්ඩු වලට නම් ඒ අය ගොඩක් ආසයි.

යෝරත් දැන් විහිලුවටත් එක්කත් ජන්ග්කුක් එක්ක රණ්ඩු කරනවා.කට්ටිය හොදටම දැන් යාළු වෙලා හිටියේ.සති තුනක් කියන්නේ ගොඩක් දේවල් වෙනස් වෙන්න කාලයක්නේ.

කාගේ හිත්වල මොන වගේ දේවල් හටගෙනද මොන වගේ දේවල් වෙනස් වෙලාද කියන්න කවුද දන්නේ.ඒ ඉතින් ඒ හිතින්ම ඒක පිට වුන දවසකදි තමා.

#at cafe....

" යෝඕඕඕරා...."

" අම්මෙහ් කන් දෙක මගේ.හිමින් කතා කරන්නකෝ පොඩ්ඩක්."

" යෝ- රා- ඔ- යා-"

" ආශ් හිමින් කිව්වේ සද්දේ අඩු කරලා කියලා ඔප්පෙහ්."

" ආහ් ඒමත් එකක්ද."

" ඔව් ඔව් ඒම එකක් තමා ඇයි ඔප්පා කෑ ගහන් මේ කිචන් එක අස්සට දුවන් ආවේ."

" ආහ් කෝ කුකියා."

" මගෙන් අහන්නේ එයා ඔයාගේ යාළුවනේ ජිමින් ඔප්පාහ්😑.මන් එයාගේ කවුද එයා මගේ කවුද."

" ඒක නම් ඉතින් ඔය දෙන්නගෙන්ම තමා දැන ගන්න ඕනි."

" මොකද්ද කිව්වේ....ආහ්...දෙන්නේ මෙන්න මේ සෝස් පෑන් එක මූණේ තියෙන්න."

" ඕහ් ඔහ්හ් කාම් ඩවුන් යෝරා.ඇත්තට දැක්කේ නැද්ද."

" නෑ අනේ.එක පාරක් කිව්වේ.ජින් ඔප්පගෙම් අහන්න.මන් දන්නේ නෑ."

" හරි හරි මගේ සුදු නෝනේ."

" මොකා කිව්වා."

" සුදු නෝනේ කියලා කිව්වේ."

" කවුද කවුද සුදු නෝනේ ආහ්..."

ඒක කියාගෙන ඇතුලට ආවේ ජන්ග්කුක්

" ආහ් ඔය ඉන්නේ හොයපු කෙනා."

" ආහ් ජන්ග්කුකෝ..."

" කවුද සුදු නෝනේ."

" මෙන්න මේ මගේ කෙල්ලට කිව්වේ සුදු නෝනේ කියලා."

𝔸 Random Encounter ◎JJK◎18+◎✅Where stories live. Discover now