Evil teacher 🐍(22)

3.2K 597 126
                                    

                    ~  MORNING ~

වෙනදාට කුකුලාත් අතින් අරන් වේලාසනම නැඟිටින ටේහියුන්ග් එදා එලාර්ම් එක වැදෙද්දිත් හොඳටම ගොරව ගොරව නිදි......

පාන්දර වෙනකන්ම කොන්දේ ඉදන් දැනෙන හීන් වේදනාව නිසා කෙඳිරි ගගා එහෙට මෙහෙට පෙරලි පෙරලි හිටිය ටේහියුන්ග්ට හරියටම  නින්ද ගියේ එලිවෙන්න පැය දෙක තුනකට ඉස්සෙල්ලායි....

නමුත් ටේහියුන්ග්ගේ ටේබල් එක උඩ තියෙන එලාර්ම් සද්දෙට ටේහියුන්ග් නැඟිට්ටේ නැති උනාත් එයාට එහා පැත්තේ හිටිය ජන්කුක් නම් පලවෙනි නාද විල්ලෙම එයාගේ ඇස් හිමීට ඇරියා......

හෙමින් තමන්ගේ බෝඳ උන ඇස් දෙක යථාතත්වයට පත් කර ගන්න ගමන් ජන්කුක් ඊලඟට ලෑස්ති උනේ ඇඳෙන් නැඟිටින්න....

එත් තමන්ගේ ඔලුව වටේත් ඉන වටේත් හුඟාක් ආරක්ෂාකාරිව අත් දෙකක් එතිලා තිබ්බ එකෙන් ජන්කුක් එයා කරන්න ගිය වැඩේ මොහොතකට නතර කරන ගමන් ඒ ශක්තිමත් දෑත් වල හරි හිමිකාරයා  දිහා බැලුවා.....

සුව නින්දක පසුවෙමින් ඉන්න ටේහියුන්ග්ගේ ඇස් දෙක පියවීලා තිබූනාත් ඒ මුහුනේන් පේනුන කඩවසම්කමට වගේම ආඩම්බරකමටද ජන්කුක්ගේ දිලිසෙන ඇස් වලින් නම් බේරිලා පැනලා දුවන්න තරම්  බැරි උනා.....

ඇරගෙන ඉන්න වේලාවට එච්චර පෙනුනේ නැති උනාත් ඒ හිතුවක්කාර ඇස් වැහිලා තියෙන හැම මොහොතකම වගේ ඊට උඩින් තියෙන සිනිඳු ඇහිපිහාටු ටේහියුන්ග්ගේ රෝස කම්මුල් ඉබේම සිප ගන්නේ පුංචිම පුංචි හුරතල් පෙනුමක්ද ඒ දඟකාර පෙනුමට එකතු කරලා.......

ලඟකදි ඉදලා තමන්ගේ හදවත  වේගෙන් ගැහෙන්න තරම් සමත් කරවන ඒ අහංකාර මුහුන දිහා  ඔහේ බලන් තනියම හිනා උන ජන්කුක් ටිකකින් එයාගේ අතක් හෙමින් ගෙනාත් ටේහියුන්ග් කම්මුලක් දැනෙන නොදැනෙන පරිද්දෙන් ස්පර්ශ කරන්න ගත්තා....

ජන්කුක්ගේ රෝස පාට ඇඟිලි තුඩු ඒ සිනිඳු කම්මුල් උඩ දඟ කරද්දි ජන්කුක්ගේ මොහොතකට  මුරණ්ඩු උන හුරතල් බෝල ඇස් දෙක නම් කෙලින්ම දිව්වේ ඒ පැත්ත බලන්න කියලා තමන්ට ආරාධනා කරන ඒ රතු පාට හීනි තොල් දිහාවට....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now