කොහා හතර වටින් කොහො.... කියලා කෑ ගහනවා. ගස්වල මල් පිපිලා කජූ පුහුලන් හැමතැනම. අවුරුදු ලගයි කියලා තමයි ඉතිං මේ හැම එකෙන්ම කියන්නෙ.
ඔන්න ඉතිං අපෙ බෝඩිමේ කොල්ලො කෙල්ලො සෙට් එකත් මේ සැරේ අවුරුදු ලග ලගම එන නිසා ලෑස්ති වෙනවා ඕං. කොල්ලො කෙල්ලො කිව්වට කොල්ලො විතරයි ඉතිං. කවුද ඉතින් අපෙ කොම්ලො හත්දෙනා මිසක්.
අවුරුද්දට තව එක දවසයි ඉතිං. අපෙ ජිනයියත් හනි හනිකට ලෑස්ති වෙන්නෙ අවුරුද්දට කැවුම් කොකිස් හදන්න.😂😂😂 ඉතිං ජිනයියට කෑම හදන්න කියලා ජුනයියත් ගියා හාල් පිටි ටිකක් අරගෙන එන්න.
උන් දෙන්නා විතරක් නෙවෙයි අනිත් හතර දෙනාම හෝ ගාලා බෝඩිම අස්පස් කොරනවා ගජරාමෙට. හතර දෙනා කිව්වට කෝ අනිත් එකා? ඕතරිට වැරදිලාවත්ද? නෑ නෑ අනිත් එකා කුකියා. දන්නවනෙ ඕකා වටේ යන එකා කියලා. ඉතිං කලින් දවසෙ පාර මැද්දෙ අරගල කොරන්න ගිහින් කදුළු ගෑස් කාලා ඕං තාම බුදි 😂😂
ඉතිං ජුනියා හාල් පිටි ටිකත් අරගෙන එනකොට මෙන්න ජිනයියා පොල් කිරිත් මිරිකන ගමන් අහස පොලොව ගැටලන්න වගේ බර කල්පනාවක.
නම්ජුන් - ඕයිහ් බලහංකො ඉතිං මේ රටට ගිය කලක්.
ජින් - ...
නම්ජුන් - හාල් පිටි පාන් පිටි ඔක්කොම ගනන් ගිහිං අහස උසට. අනෙ මන්ද තව ටික දවසක් යද්දි අපිට කන්න පොල් සම්බෝලයි බතුයි වත් ඉතුරු වෙයිද දන්නෑ ඕං.
ජින් - ...
නම්ජුන් - ඕය්
ජින් - ...
නම්ජුන් - ඕයි.....
ජුන් කෑ ගහපු පාර මිරික මිරික හිටපු පොල් කිරි එකත් ජිනයියගෙ ඇගේ. දැන් හරියට කිරි මාමා වගේ 😂😂😂
ජින් - මොකද මනුස්සයො කෑ ගහන්නෙ මට කන් හොදට ඇහෙනවා.
නම්ජුන් - නෑ මේ උබට කන් හොදටම ඇහෙනවද කියලා බැලුවෙ මං මේ. උබ මං කියන ඒවා අහගෙනද හිටියෙ?
ජින් - මොනවද ඕයි කිව්වෙ තමුසෙ? පොල් කිරි එකත් බිම හැලුවා. ආයෙ පොල් ගාන්න වෙනවනෙ.
නම්ජුන් - ඒකනෙ මං කලින්ම කිව්වෙ සේරා පොල් කිරි පැකට් එකක් ගන්න කියලා. ඔය මුකුත් ප්රස්න නෑනෙ එතෝට.
YOU ARE READING
බෝඩිම්කාරයො
Fanficමේ කට්ටිය නම් එකටම ඉපදුනු එකටම කාපූ බීපු යාළුවො සෙට් එකක්. මේ කට්ටියගෙ යාළු කම ඉතිං සක්කරයාටවත් කඩන්න බැහැ ඕන්. හැබැයි ඉතින් කට්ටියගෙම මොලේ වයර් පොඩ්ඩක් හරි මාරු වෙලා තමයි තියෙන්නේ. ඒත් ඉතිං ගේම නම් ගේම. ආතල් නම් ආතල්.😂😂😂 මං ඇති නේද කියෙව්වා කට්...