"සොෆී... සොෆී.....""සොෆී... මම ආවා... සොෆි ඔයා කොහෙද ?"
කෙතරම් කෑගැසුවත් ඩැනියල්ගේ කටහඬ පාළු හෝටල් කාමරය තුළ දෝංකාර දුන්නා පමණි.
"සොෆි ලෙඩ වෙලාවත් ද ? "
ඔහුගේ සිතට යම් බියක් ඇතුළු විය..
"සොෆී... සොෆි ඔයා කොහෙද ?"
පරික්ෂා කිරීමට අවසානයේ ඉතිරි වූයේ නානකාමරය පමනි. එක්වරම එහි දොර ඇර දැමූ ඩැනියල් දුටුවේ ස්වාමි පුරුෂයෙක් වශයෙන් නොදැකිය යුතු දෙයකි..
"සොෆී... අනේ මගේ සොෆී.. මොකද මේ වුණේ ?"
නානකාමරයේ බිම හිස පිටුපසින් ලේ ගලමින් බිම වැතිර සිටි තම බිරිඳ අසල ඔහු ඇද වැටුණි. වෙව්ලන දෑතින් යුතුව ඇගේ ගෙලට ඇඟිලි දෙකක් තැබූ ඔහු වහාම අතකින් මුව වසාගෙන එතනින් ඈත් වූයේ දැනටමත් ඈ සිතලකින් වෙලා ඇති බැවිණි..
"සො..ෆි... සො..ෆි....."
ඔහුගේ හඬ පාලු හෝටල් කාමරය තුළ පැතිරුණි..
"හෙලෝ... හෙ..ලෝ..මගේ වෆි..ෆ් නැතිවෙලා.. එයා බාතෲම් එකේ වැටිලා ඉන්නවා.."
සියෝල් පොලීසියට ලැබුණ දුරකථන ඇමතුමට පසු ඔවුන් වහාම පිටත් වුයේ ලිපිනයේ සඳහන් හෝටලයටයි. 234 කාමරයට ඇතුළු වූ ඔවුන් දුටුවේ හඬමින් නානකාමරයේ බිම වාඩි වී සිටින පුද්ගලයෙකි..
ඔහු පසෙකින් රුධිරය මත වැතිර සිටින නිසල කාන්තාවක්ද විය..
"මම තමා කෝල් කරේ.. මේ මගේ ව..යිෆ්"
සැලෙන කටහඬකින් යුතුව ඩැනියල් පැවසීය.
මූලික පරීක්ෂණ වලින් පසු පොලීසිය එම ස්ථානයේදිම ඩැනියල්ගෙන් කට උත්තර ගැනීමට සූදානම් විය.පසෙකින් සිටි ඩැනියල්ගේ කනට වැටුනේ එක්ව කතා කරන පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ දෙබසකි..
"ශුවර් එකට ඔය මිනිහා වෙන්න ඇති වයිෆ්ම මරලා දාන්න ඇත්තේ. පොලීසියට ගිහින් එකක් දෙකක් අනිද්දි ලස්සනට ඔක්කොම කියයි."
"මොකක්..එතකොට මාවද සැක කරන්නේ ? ඒත් මම නෙමේ නේ මේක කරේ.. අනික කොහොමද මම මගේ සොෆිට මෙහෙම දෙයක් කරන්නේ ?"
![](https://img.wattpad.com/cover/306818372-288-k810948.jpg)
ESTÁS LEYENDO
COINCIDENCE | MYG✔️
Fanficමිනී මැරුම් දෙකක්... සැකකරුවෝ දෙදෙනෙක්... එකිනෙකට වෙනස් කතා දෙකක්... කවුද ඇත්ත කියන්නේ ? කවුද බොරු කියන්නේ ? යූන්ගිට ඇත්ත මොකක්ද කියලා දවස් තුනෙන් හොයාගන්න පුළුවන් වේවි ද? Criminal Site Don't entry !! Cover credits goes to : @hosophile lan_Kimra 20...