මගේ ඔලුව දැන් යකාගේ කම්මල වගේ.. එතකොට සොන්ග් හී එක්ක ඉන්න මේ කෙනා එයාගේ අනියම් සම්බන්ධය වෙන්න ඇති.. එහෙම වුනොත් Jeon ගේ මරනෙට මෙයාටත් කෙලින්ම සැකයක් එල්ල වෙනවා.
වෙන කරන්න ,හිත හිත ඉන්න දෙයක් නෑ..
හෙලො ජන්කුක්...චේසන්ව ඉක්මනට පොලිසියට එක්කගෙන එන්න.
.
.
.
.
.චේසන් පොලිස් ස්ටේශන් එකට ආපු ගමන් මම ප්රශ්න අහන්න පටන් ගත්තා.
Che sun pov
සර්.. Jeon කියන්නේ මගේ හොඳ යාළුවෙක්..එතකොට සොන්ග් හී කියන්නෙත් මගේ යාළුවෙක් ..
ඒත් එක්කම ඔෆිසර් පෙන්නපු ෆොටොස් දැකලා මගේ ඇඟ සීතල වෙලා ගියා.ඒවල හිටියේ මායි සොන්ග් හීයි..
"චේසන් මම හිතන්නේ මේක යාළුකමක් වෙන්න බැහැ එහෙම නේ..?"
ඔ..ව් අපි දෙන්නා අතරේ සම්බන්දයක් තිබුණා. ඒක ඇත්ත. ඒත් එහෙම තිබ්බ පලියට කියන්න බැහැනේ අපි දෙන්නා එකතු වෙලා Jeon ව මැරුවා කියලා..?
"ඔව්.ඒකත් ඇත්ත.. එහෙනම් ඔයා මට කියන්න එදා Jeon මැරුණ දවසෙ ඔයා එහෙට ගියාද ?"
අපොයි නැහැ..මම එකපාරටම ක්ිව්වා. මම එදා මුළු දවසෙම හිටියේ ඔෆිස් එකේ.
Yoongi Pov
චේසන් කියන්නේ සහමුලින්ම බොරු කියලා මම දැනටමත් දන්නවා. මොකද සොන්ග් හීගේ ගෙදර බිඳුන ග්ලාස් ටේබල් එක ගාවින් සොන්ග් හීහේ ,ඩැනියල්ගේ , Jeon ගේ වත් නොවන බ්ලඩ් සාම්පල් එකක් අපිට හම්බවුණා. ඒක චේසන්ගේ කියලා.අපි මෙයා මෙතනට එන්න ටික වෙලාවකට කලින් හොයාගත්තා. ඉතින් මෙයා එදා එතන නොහිටියා නම් කොහෙන්ද එතනට එයාගේ ලේ ආවේ..
ඉතින් Mr. che sun එතකොට මට කියන්න බලන්න එතනට නොගිහින් එතන කොහොමද ඔයාගේ ලේ වැටිලා තිබුණේ..?
මම චේසන්ගේ මූණ වෙනස් වෙන හැටි බලාගෙන හිටියා.
තමුසේ මට කියනවද නැද්ද ? යකෝ කොහොමද උඹගේ ලේ එතනට ආවේ ?
චේසන්ගේ ශර්ට් එකෙන් අල්ලලා අඳින ගමන් මම කෑගැහුවා.."සර්....ස..ර් මම කියන්නම්...කි..යන්නම්"
Che sun's pov
KAMU SEDANG MEMBACA
COINCIDENCE | MYG✔️
Fiksi Penggemarමිනී මැරුම් දෙකක්... සැකකරුවෝ දෙදෙනෙක්... එකිනෙකට වෙනස් කතා දෙකක්... කවුද ඇත්ත කියන්නේ ? කවුද බොරු කියන්නේ ? යූන්ගිට ඇත්ත මොකක්ද කියලා දවස් තුනෙන් හොයාගන්න පුළුවන් වේවි ද? Criminal Site Don't entry !! Cover credits goes to : @hosophile lan_Kimra 20...