When you've never been around ... you know, I'm really going to die ...
.........................................................................
Jimin pov,
මොකක්ද මෙතන වෙන්නෙ?
ඒ හඩ ඇහෙනවත් එක්කම මට අවධානෙ දීගෙන හිටපු හැමෝම එක පාරටම ඒ සද්දෙ ඇහුනු දිහාට අවධනෙ දුන්නා උනත් ඒ කිසිම කෙනෙක්ගෙ අතක් බුරුල් උනෙ නම් නැ. මන් ආයෙම ලේ රහ ආව මගෙ උගුරෙන් මට පුලුවන් උපරිමෙන් උදව් ඉල්ලලා කෑ ගැහුව උනත් මන් දන්නවා මෙතන හැමෝම වුල්ෆ්ලා නොවුනා නම් එ කිසිම කෙනෙක්ට මගෙ කටහඩ ඇහෙන්නෙ නැති වේවි. මොකද ඒ තරම් මගෙ කටහඩ බාල වෙලා තිබුනා..
මොන විකාරයක්ද තමුන්ලා මෙ ඔෆිස් එක ඇතුලෙ කරන්නෙ ආහ්?
ඒ ජන්කුක් .. ඔව්.. අපේ මේට්.. ආයෙම එයාගෙ කටහඩ ඇහෙනවත් එක්කම එතන හිටපු හතර දෙනාම නැගිට්ටෙ ඊයකට වඩා වැඩි වේගෙන් වෙනකොට මන් ලැබුනු අවසරෙන් ඉක්මනින් වකුටු උනෙ වෙන කිසිම දෙයක් කර ගන්න මට ඇගට පන නැති නිසා.
මෙ මෙ ස සර් අ....අපි...
ඔව් අපි? තමුලා හිතුවද තමුලට ඕනි විදිහට නාඩගම් නටන්න මේක කෝලන් මඩුවක් කියලා?
න් නෑ... ස්.....සර් මෙ අපි...
මොන ජරා වැඩක්ද මෙ කරන්නෙ අහින්සක ඔමේග කෙනෙක් බිම දාගෙන ? ලැජ්ජා නැද්ද තමුලා වගෙ ඇල්ෆලා හතර දෙනෙක් එකතු වෙලා මෙවගේ දුර්වල කෙනෙක්ව මෙහෙම විනාස කරන්න හදන්නෙ?...
මට ජන්කුක් කියා දේවල් ලාවට ඇහි නොඇසි තිබ්බෙ... මට ඇහුනා එයා ඊලගට ගාඩ්ලාට එයාලව අල්ලා ගන්න කියනවා.
වටෙ දැන් මොන දෙ උනත්ට ඕනි උන එකම දෙ අපෙ මෙට්ගෙ තුරුලට වෙන්න. එ වගේම එයාව වැලදගෙන දුක කියන්න. ඇති වෙනකන් අඩන්න.. මට ඕනි උනු එකම දෙ ඒ පහසෙ සැනසෙන්න විතරයි. මට රිදෙනවා.. මට නැගිට ගන්න පන නැ. මට ඔනි එයාගෙ එකම එක ආදරණීය වචනයක්.. හිත හැදෙන්න... නෑ එහෙමත් එපා.. ඒ තුරුලෙ ටික වෙලාවක් ඉන්න. 😔
මන් ඇස් දෙකවත් නොඇර ගුලි වෙලා ඉන්න කොට මට දැනුනා කවුරු හරි මන් ගාවට එනවා. ඒත් ඒ එයා නෙමෙ. එයාගෙ රෙඩ් රෝස් සුවද නැතුව ගියා. මන් කොහොමද මෙච්චර මෝඩ උනෙ? එයා මට ටිකක්වත් කැමති නැති බව දැන දැනත් මන් කොහොමද එයාවම හෙව්වෙ? ඒත් එ මගෙ මේට්නෙ? අඩුම මන් එයාගෙ මෙට් කියලා හිතන්නෙ නැතුව වැඩ කරන තැන සේවකයෙක් කියල හිතල හරි එකම එක වචනයක්.. එකම එක වචනයක් මට කතා කරන්න එයාට බෑද? එයා එච්චරම මට අකමැතිද?
ESTÁS LEYENDO
The Hymn of death ( Complete )
FanficThe tears seem to remember He fill My place again I try to erase you but I can't you have become my all you,even if I can't see you ,even if I can't listen to you I'm still ok even if the break up is sad and my heart again hurts if you are hap...