🚫Mature⚠️️
This may contain some mature parts🙂
_______________________පාළු මූසල අඳුරු වනාසන්න මාවතක තනිව ගමන් කරනා අතිශය රූමත් තරුණයෙකි,බරැති ට්‍රන්ක පෙට්ටියන් ඔසවාගෙන බොහෝ දුරක් පැමිණි ඔහු මඳක් නතර වී හතිලෑවේය,ජලබිඳක් නොමැතිව සෝල් සිට ඉල්සාන් දක්වා බොහෝ දුරක් ගෙවාගෙන පැමිණි ඔහු සැබවින්ම තෙහෙට්ටුවෙන් සහ විඩාවෙන් හෙම්බත් වී සිටියේය,තමා සතු එකම වස්තුව වූ ට්‍රන්ක පෙට්ටියට වාරු දී හිඳගත් ඔහු තම අතීතය සහ තමා දැන් වැටී සිටින දුක්ඛිත තත්වය පිලිබඳ අතීතාවර්ජනයක යෙදුණි....,
ඇත්තෙන්ම මීට වසර පහකට පමණ පෙර ඔහු රජකුමරකු සේ හැදී වැඩුණු ඔහුට මෙසේ හිස් ලූ ලූ අත යාමට බලපෑ ප්‍රධාන හේතුව වූයේ ඔහුගේ පියාය.....,
පාපී මිතුරෙකු නිසා සුරාවට හා සූදුවට ඇබ්බැහි වූ ඔහුගේ පියා කෙමෙන් කෙමෙන් මෘගයෙකුටත් වඩා අන්ත ලෙස කෲර වන්නට විය,ඔහුගේ මෑණියන්ට පහර දෙන්නට සහ අසභ්‍ය වචනයෙන් බැන වැදීමට පටන්ගත් පියා මුළු නිවසම වෛශ්‍යා නිවාසයක් බවට පත්කළේ සතියකටත් වඩා කෙටිකළකිනි, නිරුවත් හා අඩනිරුවත් කාමුක ස්ත්‍රීන්ගෙන් පිරී ගිය නිවස,තව දුරටත් වාසයට සුදුසු ස්තානයක් නොවීය,තමාට අතවර සිදු කිරීමට තැත් කල එවන් දුරාචාරී ස්ත්‍රීන් කිහිපදෙනක් ඔහු විසින් පොලීසියට භාර දුන්නද ඔවුන් පැය කිහිපයකින්ම නිදහස් වී පැමිණියේ පොලීසියටද ඇතිපදම් සංග්‍රහ කිරීමෙන් අනතුරුව බව ඔවුන්ගේ ඉදිමුණු තොල්, රත් පැහැගත් පියොවුරු, දත් සලකුණු සහිත ශරීර මඟින් සනාථ විය.මෙසේ කෙතරම් දුක් කරදර පැමිණියත් ඔහුට ඒවායින් බේරී සිටීමට හැකිවූයේ ඔහුගේ දේවතාවියක් වැනි මවට පින්සිදුවන්නට ය. සැබැවින්ම ඇය දේවතාවියකි.තම එකම පුතුව බේරීමට ගොස් ඇයට ලැබුණු එකම ප්රතිලාභයනම් ඇයට විඳීමට සිදු වූ හිරිහැර,කරදර තවත් දෙතුන් ගුනයකින් වැඩි වීමයි,නමුත් ඇය තමාට හැකි උපරිමයෙන් තම දරුවාව බේරාගත්තාය,අවසන ඇය පඩිපෙලෙන් පහලට වැටී මිය ගියේද පුතුට වැදීමට ගිය පහරක් වැළැක්වීමේ අරමුණින් එතනට පැමිනි අවස්තාවේ දීය.
මව මියගිය පසු ඔහුගේ දිවිය අපායක් විය,පියාගේ බලපෑම මත ඔහුගේ අද්යාපන කටයුතුද අඩාල විණි, දුටුවන්ගේ සිත් වශී කරවන රුවක් පැවතීම ඔහුට ශාපයක් ලෙස හැඟුනි, කාන්තාවන් ඔහු වෙනුවෙන් නොකළ දෙයක් නොවීය,නැත නැත, ඔහුගේ පහස ලබාගැනීම වෙනුවෙන් නොකළ දෙයක් නොවීය.ඔහුව දකින දකින විට ස්ත්‍රීහු ඉතා සරාගී ලෙස හැසිරෙමින් ඔහුගේ අවදානය දිනා ගැනීමට උත්සහ කලෝය.සැබැවින්ම එය උමතුවක් විය,මව මියයාමේ ශෝකයෙන් සිටි ඔහුට එම ස්ත්රීන්ගේ ක්‍රියා ජුගුප්සාජනක විය, එම වෛශ්‍යාවන් නිසා ඔහුට කාන්තාවන් පිලිබඳ තිබූ ආශාවද නැති වී ගියේය, සෑමවිටම තම පියාව සහ එම ස්ත්‍රීන්ව පිලිකුල් කල ඔහු තම වෛරය, දුක, කලකිරීම, පාලුව, විඩාව නිවාගැනීම පිනිස සංගීතයට යොමු විය.නිතරම තම කාමරයේ බිත්ති හතරට කොටුවී රාගික කෙඳිරිලි, විලාප, අයැදීම් හඬවල් නෑසෙන පරිදි උස් හඬින් රූපවාහිනිය ක්‍රියාත්මක කරගන්නා ඔහු වරු ගනන් නොකා නොබී පියානෝ සන්දර්ශන නැරඹුවේය, ඔහුගේ ප්‍රියතම වාදන ශිල්පියා AugustD නම් වේදිකා නාමය සහිත සුප්‍රසිද්ධ වාදක Min Yoongi විය.එම වාදකයාගේ මන මෝහනීය ස්වර අභියස ඔහුගේ දුක්,වේදනා සියල්ල නෂ්ටාවශේෂ ව ගියේය.සැබැවින්ම සංගීතය ඔහුව සුවපත් කළේය.
YOU ARE READING
Invisible Hand |Taekook|
Fanfictionᵇᵗˢ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ ♡︎Taekook♡︎ Top:-Taehyung Bottom:-Jungkook 🚫🅜︎🅐︎🅣︎🅤︎🅡︎🅔︎⚠️ Ⓗ︎Ⓞ︎Ⓡ︎Ⓡ︎Ⓞ︎Ⓡ︎ ☯︎𝗜𝗻𝘃𝗶𝘀𝗶𝗯𝗹𝗲 𝗛𝗮𝗻𝗱☯︎