"දුටුවද??" ටේහ්‍යුන්ගේ සහ ජන්කුක්ගේ නර්තනය දෙස ගිනිගෙන දැවෙන දෑස්වලින් බලාසිටි ෆෙලික්ස් සැර වයින් වීඳුරුවක් තොලගාමින් ගොස් මුහුණ අඩක් ආවරණය කරගත් පුද්ගලයෙක් අසළින් හිඳගත්තේ එසේ අසමිනි.
"කුමක්ද ?" මුහුණ අඩක් ආවරණය කරගත් තැනැත්තා විමසුවේ කුතුහලයෙනි
"කිම් ටේහ්‍යුන්..,"ඔහු අපගේ ඉලක්කයට බාධාවක් ...." ජන්කුක්ගේ බඳ වටා දෑත් යවා ඔහුව තමා වෙත ඇදගත් ටේහ්‍යුන් දෙස රවාබැලූ ෆෙලික්ස් එසේ පැවසුවේ ය.
"අතහරින්න ෆෙලික්ස්,He is a playboy," ෆෙලික්ස්ගේ සිතුවිලි වටහාගත් එම තැනැත්තා සමච්චලයට මෙන් සිනහසෙමින් ෆෙලික්ස් ගේ වීදුරුවට වයින් වත්කළේ ය.
"නමුත්.......," පරාජය පිළි ගැනීමට අකමැති වූ ෆෙලික්ස් වාග් සටනකට අර අදිද්දී.......,
"දැන්ම නොවේ...," එම පුද්ගලයා වචන දෙකකින් ඔහුව නිහඬ කර දැමුවේය.
"ආශ්! ඔබ නම්,"
"වැරදි තීරණ ගන්න එපා ෆෙලික්ස්..., හාවෙකු වෙනුවෙන් සිංහයෙක් සමඟ සතුරු වීම උචිත වන්නේ නැහැ..,එනිසා අප දැන් අනුගමනය කළ යුත්තේ සිවලාගේ ප්‍රතිපත්තිය"
"හ්ම්ම්.....,නමුත් ප්‍රමාදය පසුතැවීමට හේතුවක් වන බව අමතක නොකලොත් හොඳයි ඔබ,"
"ප්‍රමාදය....හහ්.....,ප්‍රමාදය නිසාම මට ඔහුව අහිමිවූවා,මාගේ ප්‍රමාදය නිසා ම ඔහුගේ සිත තවකෙකු පැහැර ගත්තා, මගේ ප්‍රේමය මියැදුණා, මා අවුරුදු ගණනාවක සිටම සෙමින් සෙමින් ලඟාවූ ඉලක්කය කිසිසේත් ම විනාශ වීමට ඉඩ දෙන්නේ නැහැ. ඉවසීමෙන් සිටින්න ෆෙලික්ස්, හෙට දින රාත්‍රියෙන් සියල්ල අවසන් වේවි."
ඉන්පසු එම තැනැත්තා විලෝවෙන් පිටව ගියේ මෙසේ සිතමිනි.
**මෑණියනි...,ඔබේ ලෙය, ඔබ නොදුන් කිරුල වෙනුවෙන් මෙතෙක් කල් වේදනා වින්දා,දැන් ඔබ බලාසිටින්න මා ඔබේ සියල්ල උදුරාගන්නා ආකාරය...,,**
__________________________
ටේහ්‍යුන් සහ ජන්කුක් දෙස සතුට පිරි දෑසින් බලා සිටි හෝසොක් ඔවුන් දෙස බලා සිටීම පසෙක දමා දුරකථනය අසළට පැමිණුනේ ඔහු වෙනුවෙන් ඇමතුමක් ඇති බවට සේවිකාවක් විසින් පැවසූ නිසයි...
YOU ARE READING
Invisible Hand |Taekook|
Fanfictionᵇᵗˢ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ ♡︎Taekook♡︎ Top:-Taehyung Bottom:-Jungkook 🚫🅜︎🅐︎🅣︎🅤︎🅡︎🅔︎⚠️ Ⓗ︎Ⓞ︎Ⓡ︎Ⓡ︎Ⓞ︎Ⓡ︎ ☯︎𝗜𝗻𝘃𝗶𝘀𝗶𝗯𝗹𝗲 𝗛𝗮𝗻𝗱☯︎