ආර්‍යාවෙනි ඔබ ඉතාමත් සුන්දරයි අද
අහා....ඔබ මට අපහාස කරනවා නේද මියැන්,අද දින පමණද මා සුන්දර ආ.....
නැත නැත ආර්‍යාවෙනි සෑම දිනයේම මෙන් අදත් ඔබතුමිය ඉතාමත් සුන්දරයි,වත්සුනු තැවරූ දෙකොපුල,රෝස මල් පෙති පරයන දෙතොල්, කිසිවෙකුට කිව නොහැකී ඔබතුමී යකැදුරුවරියක් බව
ශ්......මියැන් ප්‍රවේශමෙන්,සිහි තබාගනු මේ මාගේ මන්දිරය නොවන බව....
ස්..සමාවෙන්න ආර්‍යාවෙනි
අපි යමු,ඉන්න...., ඔහුගේ නම කුමක්ද මියැන්
ජියොන් ජන්කුක් ආර්‍යාවෙනි
හ්ම් එසේනම් ආහාර ගැනීමෙන් පසුව අපේ කාර්‍ය ආරම්භ කරමු,මියැන් කෙසේ හෝ ඔහුගෙන් රුධිර බිඳක් ලබාගත යුතුයි,නැතිනම් සාර්ථක අවසානයක් ලබාගත නොහැකි වේවි
_________
නර්තනය අවසන් කළ ජන්කුක් තෙවන මහළෙහි තිබූ ශක්තිමත් ලී අත්වැටට වාරු වී ඈත ක්ශිතිජයේ සිතුවම් වී තිබූ තාරකා රාශීන් දෙස ඇසිපිය නොහෙලා බලාසිටි නමුත් පසෙක සිටි ටේහ්‍යුන්නම් බලා සිටියේ තම දෑස් ඉදිරිපිට හිඳිනා පුංචි දේවදූතයාගේ මන්දාකිනි දෑස් දෙසයි,අහසේ සිතුවම් ජන්කුක්ගේ දෑස් තුලින් විනිවිද දුටු ඔහු අහසේ දකින සිතුවමට වඩා දහස් ගුණයකින් සුන්දර වූ දිලිසෙන දෑස් දෙස වශීකෘත වී බලා සිටියේ ය.
ඔන්න ජන්කුක් බලාගෙන....
ඒත් සමගම කොහේදෝ සිට මතුවූ අඳුරු පැහැගත් බළලෙකු නිය විලිස්සාගෙන ජන්කුක් වෙත පැන්නේ,ජන්කුක්ට තබා ටේහ්‍යුන්ටවත් සිතන්නට වේලාවක් ඉතිරි නොකරමිනුයි. ජන්කුක්ව සූරා දමමින් බළලා මහළෙන් බිමට පැන අතුරුදන් වෙද්දී ජන්කුක් සිටියේ පය පැකිලී ටේහ්‍යුන්ගේ දෑත් අතරට වැටී, ඇසිපියගසන සැනින් සිදුවූ විපර්‍යාසයෙන් පීඩිතව අසරණ වී, යන්තමින් ලේ බිඳු වෑස්සෙන තම දෑතට සෙමින් පිඹින ටේහ්‍යුන්ගේ තොල්පෙති දෙස බලාගෙනයි.
මේ අතර අඳුරු පැහැති බළලා දෙවන මහළේ තිබූ කුටියකට රිංගා ගනිද්දී ජන්කුක්ව ඔසවාගත් ටේහ්‍යුන් එහා ශාලාවේ පහළම මහළේ තිබූ වෙද කුටිය වෙත යමින් සිටියේ ජන්කුක්ගේ ඇවිටිලි හා කන් කෙඳිරි ගෑම් තඹයකටවත් මායිම් නොකරමිනුයි.සීරුම ඇත්තේ පාදවල නොව දෑතේ බව කොතෙක් කීවද නෑසූ කන්ව සිටින ටේහ්‍යුන් දෙස රවා බැලූ ජන්කුක් තවත් කීමෙන් පලක් නැති බව වටහාගෙන නිහඬව සිටිද්දී,කලු ලෝගුවකින් සැරසුනු මියැන් බළලා රිංගූ කුටියෙන් පිටතට විත් අඳුරු පැහැති ලොමින් සැදි යමක් සඟවාගෙන විලෝවෙන් බැහැරට යමින් සිටියා ය.
______________
YOU ARE READING
Invisible Hand |Taekook|
Fanfictionᵇᵗˢ ˢⁱⁿʰᵃˡᵃ ᶠᶠ ♡︎Taekook♡︎ Top:-Taehyung Bottom:-Jungkook 🚫🅜︎🅐︎🅣︎🅤︎🅡︎🅔︎⚠️ Ⓗ︎Ⓞ︎Ⓡ︎Ⓡ︎Ⓞ︎Ⓡ︎ ☯︎𝗜𝗻𝘃𝗶𝘀𝗶𝗯𝗹𝗲 𝗛𝗮𝗻𝗱☯︎