1.

1.6K 238 14
                                    


" අදත් මනුස්සෙක් අතුරුදහන් වෙලාලු නේද "

" මේ සීත කාලේ නිසාද කොහෙදො මිනිස්සු අතුරුදන් වෙනවා වැඩි "

" වැඩේ කියන්නේ අතුරුදන් වෙන්නෙම තැබෑරුම් කාරයගේ නැදෑයොලු නේද "

" අනේද කියන්නේ. කරුමේ තමා. ඒ රස්සයට මොකක් හරි තරහක් ඇති මය හිතේ "

මේ සීත කාලේ.. මුලු ගම්මානයම හිම වලින් වැහිලා ගිහින් තිබ්බේ හරියට සුදු රෙද්දක් එලලා වගේ..

ගමේ පිරිමි හවස් කාලෙට එකතු වෙන තැබෑරුම ඉස්සර කෙසේ වෙතත් දැන් නම් පාලුවට ගිහින්..

තුන් දෙනෙක් හතර දෙනෙක්ගෙන් විතරක් පිරුන තැබැරුමේ හිටිය මැදි වයසෙ පිරිමි දෙන්නෙක් කතා වුනේ අවුරුදු ගානක ඉදලා ගමට උන විපත්තිය ගැන..

" ඒ රාක්ෂයා නිසා ගම අතෑරලා මිනිස්සු නගරවලට ගිහින් "

පාලු ස්බාවයක් ගත්තත් උදේ කාලෙදි ගම හරිම ලස්සනයි.. ඒ වගේම රාත්‍රියට හරි බියකරුයි..

යෝධ රකුසා..

මේ ගම්මානයට ආවේ අවුරුදු 8කට කලින්.

මිනිස්සු කීවේ ඒ රාක්ෂයෙකු කියල.. තවත් සමහරු ඒ සතෙකු කියලත් ඒ අත්භූත මිනිස් පැහැරගන්නව සැලකුවා.

මිනිස් පැහැරගන්නා ??

ඔව්.. මේ මාසෙට ඒ ගමේ මිනිස්සු 15 දෙනෙක් මේ වෙනකොට අතුරුදහන් වෙලා තිබ්බා.

ඒත් විශේෂය වෙන්නෙ ඒ පහලොස් දෙනාම තැබැරුම් කාරයගේ නෑයෝ වෙන එක.

පුදුමයක් නේද 

හරියට නිකම් පලි ගන්නවා වගේ ?

" මහත්තුරු දෙන්න මොනා ගැනද කතා කරන්නේ "

" ආ.. දොස්තර මහත්තයා.. අද වේලාසනම තැබැරුමට ඇවිත් වගේ "

" ඔව් ඔව්.. පොඩි සීතලක් දැනුනා.. ඉතින් ආවා "

ගමටම ඉන්න එකම දොස්තර.

දොස්තර හන් කලින්ම තැබැරුමට ආවේ බීර කෝප්පෙකින් සප්පායම් වෙන්න..

" හන් උබ මොකෝ අද කලින් "

" දන්නැද්ද ඉතිම්... "

𝙼𝚁.𝙱𝙸𝙶 𝙵 𝙾 𝙾 𝚃 ᵗᵏ✅Where stories live. Discover now