" ඔය ලොකු මහත ලොම් ගොඩක් තියෙන බුබූ.. ඇවිත් මට උදව් කරනවද මේ දර කොටේ අදින්න "
" ghhhrrhn"
ජන්කුක් දැන් එයාගේ යෝධ බු එක්ක ජිවත් වෙන්න අරන් සති දෙකක්..
හැමදාම පලතුරු කකා.. රෑට එ ලොම් ගොඩෙ උණුහුමේ නිදාගෙන මේ සති දෙක ජන්කුක් ලස්සනට ගත කලා.
මිනි මරණ යෝධ රකුසා හරියට දැන් ජන්කුක්ගේ හුරතලා වෙලා වගේ..
රකුසගේ වෙනසක් අවුරුදු දහ අටක් වුන ජන්කුක්ට නොතේරුනා නෙවෙයි.. ජන්කුක් කියන පෙලක් දේවල් එයාගේ ලොම් ගුලියට හොදට තේරෙනවා කියලා එයා මේ ටික දවසට දැනගත්තා.. ඒ නිසාම වෙන්න ඇති ජන්කුක් තවමත් ගමට නොයා මෙහෙ ඉන්නේ..
" දන්නවද ලොම් ගුලිය.. හිතුනොත් මම ජිවිත කාලෙම ඔයා එක්ක මෙහෙ ජිවත් වෙනවා.. "
රකුසගේ උණුහුමේ ගුලි වෙන ගමන් කිව ජන්කුක් සතුටින් ඇස් පියාගත්තේ තවත් රාත්‍රියක් රකුසගේ තුරුලෙම ගෙවෙද්දි..
..................................
" මේ මොනවද "
" පරණ පොත්.. කැහ් කැහ්.. අම්මෝ දූවිලි"
කැත රාක්ෂයා ගමට ගියේ ජන්කුක්ට අදින්න ඇදුම් ගේන්න.. රාක්ෂයා ගියා නෙවෙයි ජන්කුක් වද කරලා යැව්වා..
මොකද..ජන්කුක්ට නාලා අලුත් ඇදුමකට මාරු වෙන්න උවමනා වුනේ..
රකුසා ගිය වෙලාවේ ජන්කුක් මඩුවේ හැම තැනම ඇවිදලා බැලුවෙ රකුසා ගැන මොනා හරි හොයාගන්න ...
පරණ පෙට්ටියක් ලොක් කරලා මුල්ලක තියෙනවා දැක්ක ජන්කුක් ගල්පතුරකින් මලකඩ කාපු ඉබ්බා කඩලා පෙට්ටිය ඇතුලේ තියෙන දේවල් එකින් එක බලන්න ගත්තා.
පිරිමි කෙනෙක්ගේ ඈදුම්..
පොත් වගේම පොඩි කැමරාවක් ඒ පෙට්ටියේ තිබුනා..
ජන්කුක්ට දැනුන කුතුහලය නිසාමද කොහෙද පිලිවෙලට එකින් එක අංක කරලා තිබ්බ පොත් එකින් එක කියවන්න ගත්තා..
" මේක වෛද්‍ය වාර්තාවක්ද.. ඔහ්.. ඩයරි එකක්.. තව පොතක්.. "
වෛද්‍ය වාර්තා ගැන පියාගේ දැනුමෙන් ටිකක් දුරට දන්න ජන්කුක් හිමින් හිමින් පිටු පෙල්ලන ගමන් වාර්තාව කියවන්න ගත්තා..

YOU ARE READING
𝙼𝚁.𝙱𝙸𝙶 𝙵 𝙾 𝙾 𝚃 ᵗᵏ✅
Fanfiction" මම කැත රාක්ෂයෙක් " " නැ .. ඔයා කැත නැ.. රාක්ෂයෙකුත් නෙවෙයි " " මාව කාටවත් වටින්නෙ නැ " " බොරු.. ඔයාව මට වටිනවා මගේ 𝚋𝚒𝚐 𝚏𝚘𝚘𝚝 " . . . 𝚓𝚞𝚜𝚝 𝚏𝚊𝚗𝚏𝚒𝚌𝚝𝚒𝚘𝚗 𝚟𝚔𝚘𝚘𝚔 𝚝𝚘𝚙 𝚝𝚊𝚎 𝚋𝚘𝚝𝚝𝚘𝚖 𝚔𝚘𝚘𝚔 𝚊𝚐𝚎 𝚐𝚊𝚙 no 𝚖𝚊𝚝𝚞𝚛𝚎 n...