First date ? 🎢 (33)

3.4K 607 249
                                    


🦄: මට අකමැති වෙන්න ඔයාට වෙන මොනා හරි හෙතු-

ලීසා එහෙම අහන ගමන් තමන්ගේ අතක් මේසේ දිගේ ඇදගෙන ගිහින් සූදානම් උනේ ටේහියුන්ග්ගේ අතින් අල්ලන්න....

නමුත් ලීසාට එයාගේ කතාව අවසන් කරන්නත් ඉස්සෙල්ලා වගේම ටේහියුන්ග්ගේ අත එයාගේ අතට මැදි කර ගන්නත් ඉස්සෙල්ලා ටේහියුන්ග් ඉන්න කැබින් එකේ දොර ආයේම වේගෙන් ඇරිලා යද්දි ටේහියුන්ග්ගේ වගේම ලීසාගේත් අවදානේ එකම වේලාවේ ගියේ දොර දිහාවට.....

🦄: තමුන්...!!!

🐯: ජන්කූ...?

ඇරුන දොරෙන් ඇතුලට ආපූ පුද්ගලයාව දැක්ක ලීසා කලින් ඔෆිස් එකට ඇතුල් වෙද්දි උන  සිද්දිය මතක් වෙලා ඒ පුද්ගලයාට ඔරවගෙන කතා කරද්දි දොර ලඟ හිටගෙන හිටිය කොල්ලාව දැක්ක ටේහියුන්ග් ඒ කොල්ලාගේ නම හෙමින් තොල් අතර මූමුනන්න ගත්තා.....

ඔව්, දොර ලඟ කට කොනට හිනා වෙලා හිටියේ වෙන කවුරුත් නෙමෙයි ඒ අජුම්මාගේ පුංචි ජන්කුකුයි....

ටේහියුන්ග් වගේම ලීසා දිහා තප්පර කිහිපයක් මාරුවෙන් මාරුවට බල බල  හිටිය ජන්කුක් එයාගේ අත් දෙක දෙපැත්තට විහිද ගන්න ගමන්  මීට ටිකකට කලින් ලීසා ටේහියුන්ග් එක්ක කතා කරන ඒව්වා අහගෙන දොරට කන තියන් ඉද්දි ඔලුවෙන් ගැහුව්ව ප්ලෑන් එක ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා....

🐰: අප්පාආආආආආ......!!!!

අත් දෙකත් විහිදලා ටේහියුන්ග්ට එහෙම කෑගැහුව්ව ජන්කුක් දුවගෙන දුවගෙන ඇවිත්  කෙලින්ම පැන්නේ  ටේහියුන්ග්ගේ උකුලට....

🐰: උම්මාහ් උම්මාහ්.....මං අප්පා නැතුව පාලුවෙන් නේ ඉටියේ.....

මුලු කම්මුල් දෙකම කලින් නූනාලා දුන්න ලිප්ස්ටික්  හාදු වලින් පාට කරන් හිටිය ජන්කුක් ටේහියුන්ග්ගේ ඔඩොක්කුව  උඩ කකුල් දෙපැත්තට දාගෙන ඉදගන්න ගමන්  ටේහියුන්ග්ගේ බෙල්ල බදාගෙන ඒ කම්මුල් දෙක උඩිනුත් තරඟෙට හාදු තියන්න පටන් ගත්තා.....

🐯: ජන්කුක් මොකද මේ කරන්නේ..?

ටේහියුන්ග් ලීසාට නෑහෙන්න ජන්කුක්ගෙන් එහෙම ඇහුව්වේ ජන්කුක්ව තමන්ගේන් ඈත් කරන්න උත්සාහ ගන්න ගමන්....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now