The little rat 🐀 (34)

3.3K 569 693
                                    


🐯:කෝ කූ , දැන් ඔතනින්  නැඟිටින්න....

බෝල ගොඩ අස්සේ හැංගිලා හිටිය ජන්කුක්ව හොයා ගත්ත ටේහියුන්ග් තමන්ගේ අතක් ඉස්සරහට දික් කරලා ජන්කුක්ට ඉන්න තැනින් නැඟිටින්න උදව් කරන ගමන් එයාත් හැදුවේ දන ගහගෙන හිටිය තැනින් නැඟිටින්න....

ටේහියුන්ග්ගේ ලොකු අත තමන්ගේ පුංචි අත එක්ක පටලව ගත්ත ජන්කුක් එයාගේ සම්පුර්ණ බර ටේහියුන්ග්ට දීලා තමන්ගේ ශරීරේ උඩු කොටස උඩට උස්සන අතරේ ජන්කුක්ව නැඟිට්ටවන්න එයාව යාන්තම් ඉස්සරහට ඇද්ද ටේහියුන්ග් තමන්ගේ මේස් දෙක විතරක් දාගෙන ඉන්න කකුල් දෙකෙන් එක කකුලක් පිටිපස්සට තිබ්බා.....

නමුත් තප්පරයක් වගේ පොඩි කාලයක් තුලදි  උනේ එයාලා දෙන්නාගෙන් එක්කෙනෙක්වත් කොහෙත්ම හිතුවේ නැති විදිහේ දෙයක්....

මොකද කියනවා නම් මෙවර ටේහියුන්ග්ට ඒ අකරතැබ්බය කරේ පුංචි ජන්කුක් නම්  නෙමෙයි හැබැයි හීනේකින්වත් ඒ වගේ දෙයක් කරයි කියලා හිතන්න බැරි පුංචි ප්ලාස්ටික් බෝලයක්...

භාගෙට දනහිස නවාගෙන ජන්කුක්ව ඉස්සරහට ඇද්ද ටේහියුන්ග් වැරදිලා තමන්ගේ පිටිපස්සේ තිබ්බ ප්ලාස්ටික් බෝලයක් උඩට අඩිය තියද්දි තමන් දාගෙන ඉන්න මේස් දෙකත් එක්ක ඒ බොලේ ලිස්සන්න ගත්ත නිසා ටේහියුන්ග් පිටිපස්සට තිබ්බ අඩිය කොන්ට්‍රෝල් නැති වෙන ගමන් එහෙමම බර උනේ තමන්ගේ අතින් අල්ලන් නැඟිටින්න උත්සාහ ගන්න ජන්කුක්ගේ ඇඟට...

🐯: ඔහ්...!!!

🐰: හුන්..- !!! හ්ම්....

හැමදේම සිද්ද  උනේ ඇහිපිය ගහන පමාවට....

ටේහියුන්ග්ගේ එක කකුලක් ජන්කුක්ගේ කකුල් දෙක මැද්දේ දනින් නැමිලා තියෙද්දි ජන්කුක්ද හිටියේ එයාගේ කකුල් දෙක ටේහියුන්ග්ගේ දෙපැත්තේ තියන් භාගෙට නවාගෙන....

එතනින් ටිකක් උඩට ආවාම ටේහියුන්ග්ගේ වැලමිටවල් දෙකම ඊට යට තිබ්බ foam mat එකට හිටිලා  ජන්කුක්ගේ ඔලුව දෙපැත්තට වෙන්න තියෙනකොට ජන්කුක්ගේ අත් දෙකම ගිහින් නැවතිලා තිබ්බේ මේ මොහොතේ උසෙන් බොල්ට්ගේ  රෙකොඩ් එකත් කඩලා දාපූ ටේහියුන්ග්ගේ වේගෙන් ගැහෙන ශක්තිමත් පපුව උඩ.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now