seoul to jeju 🚘(36)

3.2K 576 283
                                    

NEXT DAY....

ට්‍රිං.... ට්‍රිං....

හරියටම පාන්දර පහට ටේහියුන්ග්ගේ නිශ්ශබ්ද කාමරේ දෙවනත් වෙන්න බෙඩ් ටේබල් එක උඩ තිබ්බ එලාර්ම් එක සද්දෙන් වැදෙද්දි ඇඳේ සනීපේට නිදාගෙන හිටිය ටේකුක් ජෝඩුවගෙන් මුලින්ම හැරුනේ එලාර්ම් එක පැත්තෙම නිදාගෙන හිටිය ටේහියුන්ග්නුයි.....

කලින් දවසේ රාත්‍රී එකොලහට නිදා ගන්න ලෑස්ති වෙලා එලිවෙන ජාමෙ නැඟිටින්න සිද්ද උන  එක ටේහියුන්ග්ට තරමක් අපහසූ කාර්යයක් උනාත් එදා දවසේ තියෙන වැඩ රාජකාරි මතක් උන එකෙන්  තමන්ගේ කම්මැලිකම එහෙමම බල්ලාට දැම්ම ටේහියුන්ග් බැරි බැරි ගාතේම ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු උනා.....

🐯: කුකීයා....නැඟිටින්න...

🐰: උහ්ම්...

🐯: කෝ නැඟිටින්න....අපිට වැඩ හුඟාක් තියෙනවා...

🐰: අනී තව විනාඩි -

🐯: අද නම් බැහැ කොල්ලො...කෝ කෝ දැන් නැඟිටින්න....

ටේහියුන්ග් ජන්කුක්ගේ පිටට නොරිද්දෙන විදිහට තට්ටු කරලා ඇඳෙන් නැඟිටින්න ගියාත් ඊට කලින් ඉස්සර උන ජන්කුක් ඇඳේ ඉදගෙන ඉන්න ටේහියුන්ග්ගේ ඉන වටේ අතක් දාලා අල්ල ගන්න ගමන් ටේහියුන්ග් ලඟට කිට්ටු උනා....

🐰: ඉන්නකූ....

🐯 : කෝ කුකී දැන් නැඟිටින්න.....ඔයාට කාර් එකේ උනාත් නිදා ගන්න පුලුවන් නේ....සූට් එකකුත් බලන්නත් යන්න එපැයි....කෝ ඉක්මන් කරන්න....පරක්කු උනොත් අපිටම තමා පාඩුව හොඳේ....

ටේහියුන්ග් එහෙම කියලා තමන්ව බදාගෙන ඉන්න ජන්කුක්ගේ පීච් ගෙඩිය විහිලුවට පොඩ්ඩක් මිරිකද්දි ඒ උන දේත් එක්ක ගැස්සිලා ඇස් ඇරිය ජන්කුක් ඉද්ද ගැහුව්වා වගේ ඇඳේ කෙලින් උනා....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now