_____________________________
Razial-:Raziel is the name of the angel who keeps the secrets of the universe. He is also known as the angel of mysteries.♥️~Taehyun♥️Jungkook~
_______________________________
♥️Thank you ♥️
ඇස් දෙක පියාගෙන ප්‍රෙග්නන්සි ටෙස්ටර් එක දිහා බලපු ජෙනී එහෙම්ම බිම වාඩි වෙලා හයියෙන් අඩන්න ගත්තා.මේ පාරත් ෆේල්...
"අනෙ දෙවියනේ මට මේතරම් ලොකු දඩුවමක් දෙන්න එපා..."
ජෙනී ඇඩුවා,බාත් රූම් එක ඇතුලට වෙලා ගොඩක් වෙලා ඇඩුවා.ඒත් ඇඩුවා කියල එයාගෙ බඩට දරු පැටියෙක් එන්නෙ නෑ නේද?
"ජෙනී....
ටේහියුන් ජෙනි අඩන සද්දෙට බාත්රූම් එක ඇතුලට එද්දි දැක්කෙ බිම ඉදන් අඩන එයාගෙ වයිෆ්ව.ටේහියුන් ජෙනීව අත් දෙකට උස්සගෙන ගිහින් ඇද උඩින් තිබ්බෙ ජෙනී ටේහියුන්ට තුරුල් වෙලා තාමත් අඩද්දියි.
" මට ඔච්චර ලොකු දඩුවමක් දෙන්න එපා කියන්න ටේහියුන් ...අනෙ මට දරුවෙක් ඕනි"
ජෙනී ආයෙම ඇඩුවා..මීට මාස කීපයකට කලින් ටේහියුන් ගෙ නමින් බඩට දරුවෙක් ආවම ජෙනී පිස්සෙක් වගෙ දරුවව නැති කරන්න ඕනි කියල ටේහියුන්ට කියන හැටි ටේහියුන්ට මතක් වුනා.අන්තිමෙ ජෙනී ටේහියුන්ටත් හොරා දවස්ගානක චූටි කලලය විනාශ කරලා දැම්මා.
එතකොට ජෙනී එයාගෙ අදහස වෙනස් කරෙ කොහොමද?
එයා පසුතැවෙන්න ගත්තෙ,එයා කරපු වැරැද්දෙ බරපතල කම දැනගත්තෙ එයාගෙ ලේත් එක්ක චූටි අතක කෑල්ලක් එයාගෙ අතටම ආපු දවසෙ.
එදා ඉදන් ජෙනී විදෙව්වා..එයාට හැමරෑකම දැනුනා තමන් මිනීමරුවෙක් කියල..
නින්ද ගිහින් ඉන්න ජෙනීට බ්ලැන්කට් එක පොරවලා ටේහියුන් බැල්කනි එකට ගිහින් අහසෙ තියන තරු දිහා බලන් හිටියා.
එයාව ජෙනීව බැන්දෙ උවමනාවකට නෙමේ..ඒක නිකන්ම බිස්නස් ඩීල් එකක්..එතන ආදරයක් තිබුනෙ නෑ..ටේහියුන් ජෙනීට හස්බන්ඩ් කෙනෙක්ගෙන් වෙන්න ඕනි යුතුකම් ඉශ්ට කරත් එතනින් එහාට ආදරයක් ටේහියුන්ට ජෙනී ගැන තිබුනෙ නෑ..ජෙනී වුනත් එයාගෙ බෝයිප්රෙන්ඩ් හම්බෙන බව ටේහියුන් දැනන් හිටියා..එයාව නතර කරන්නවත් ටේහියුන් ට ඕනි උනෙ නැත්තෙ ජෙනී ගැන ලොකු ආදරයක් එයට නොතිබ්බ නිසා.
ඒත් එක දවසක්..ටේහියුන් දැනගත්තා ජෙනී ප්‍රෙග්නන්ට් වෙලා කියලා...ජෙනී ඇවිත් තරහෙන් ටේහියුන් ට ඒක කිව්වෙ ඒක ටේහියුන් ගෙ වැරැද්දක් වගේ..
ජෙනී කියපු කිසිදෙයක් ටේහියුන් ගෙ ඔලුවට ගියෙ නෑ..එයාගෙ ඔලුවෙ වැඩ කරේ..
"මං තාත්තා කෙනෙක්...!
ටේහියුන් ජෙනීව බදාගත්තෙ ඇස් වල කදුලු පුරවගෙන ..එයා කවදාවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක්...චූටි පැටියෙක්...
ඒක හරි ලස්සන හීනයක්..!
"මට ලමයි ඕන්නෑ.."
ජෙනී කේන්තියෙන් කියලා ගියත් ටේහියුන් විශ්වාස කරා ජෙනී දරුවව හදයි කියලා..ඒත් නෑ...එහෙම වුනෙ නෑ...ජෙනී බබාව ඇබෝශන් කරල දැම්මා.
ටේහියුන් ඒක දැනගත්ත වෙලෙ කරෙ ඉකිගගහ අඩපු එක..එයා හරි ආසාවෙන් හිටියෙ චූටි පැටියෙක්ව අත් දෙකට ගන්න...ජෙනී ගැන ලොකු කේන්තියක් ආවත් ටේහියුන් ගෙ වේදනාවට කේන්තිය දිය වුනා..
අන්තිමට ටේහියුන් වගේම ජෙනීත් පසුතැවෙන්න ගත්තා..
කවුද පසුනොතැවෙන්න ...තමන්ගෙම දරුවගෙ අතක කෑල්ලක් ලේත් එක්ක තමන්ගෙ අතටම ගැලවිලා එද්දි...
මොන අම්මද දරාගන්නෙ..
එදා ඉදන් ටේහියුනුයි,ජෙනීයි දරුවෙක් වෙනුවෙන් උත්සාහ කරත් ජෙනීගෙ බඩට දරුවෙක් නම් ආවේ නෑ...
............................
" මට තාත්තා කෙනෙක් වෙන්න ඕනි"
ටේහියුන් කඩන් වැටෙන තරුවක් දිහා බලන් කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන.ටේහියුන් ට හැමදෙයක්ම තිබ්බා..එයාගෙ පපාගෙ බිස්නස් එක..සල්ලි..දේපල...ඒත් ටේහියුන්ගෙ ජීවිතෙ ලොකු අඩුවක් තිබ්බා
ඒ ආදරේ♥️
හායි,මේක වෙනස් කතාවක්....ඉවසිල්ලෙන් කියවන්න...♥️..
බබාලව ඇබෝශ්න් කරහම එහෙම වෙනවද?
*ඔව් එහෙම වෙනවා.
YOU ARE READING
Razia|taekook
Randomරැසියල් කියන්නේ විශ්වයෙ රහස් රකින දේවදූතයා..... Top tae Bottom kook ඔයගෙ භාරකාර සුරදූතයා ඔයා වෙනුවෙන් පොලවට ආවොත් මොනව වෙයිද? Happy end~