ටේහියුන් ජෙනීගෙ ඉදිමිල තියන කකුල් මසාජ් කරා,ජෙනීගෙ බේබි බම්ප් එක දැන් ගොඩක් ලොකුයි.ඩිලිවරි එකට තව සති කීපයක් තිබ්බත් ටේහියුන් නම් බයෙන් හිටියෙ ජෙනීගෙ බඩ කොයිම වෙලාවක හරි පුපුරල යයි කියලා.
"ඔහ්...එයා එයා පයින් ගැහුවා"
ජෙනී ගෙ ඇස් වල පිරිච්ච කදුලු පිහින ගමන් ටේහියුන් ජෙනී බඩට කිස් එකක් දුන්නා..
"මැනික ,අම්මිට ඌවා කරන්න එපා හොදද?
"එයා අම්මිට සෑහෙන්න ඌව කරනව"
ජෙනී අමාරුවෙන් හිනාවෙලා නැගිටින්න හදද්දිම වගෙ එයාගෙ පිට දිගෙ හිරියක් ගියා.හරියට එයාගෙ පිටට කවුරුහරි ලොකු පොල්ලකින් ගැහුවා වගේ..
"ට්...ටේ....ම...ට ..අමා...රු..යි"
ජෙනී වචන අමුනගෙන කෑගහද්දි ටේහියුන් ගොඩක් කලබල වුනා.එයාට මේ අත්දැකීම අලුත්.ඒවගේම ජෙනීගෙ අම්මත් එන්න තිබ්බෙ තව සති කීපයකින්,
"ත...ව..කල් තියෙයි නේද?
ටේහියුන් ජෙනීගෙන් අහද්දි ජෙනී ඔලුව වැනුවා..ඒ සැනින් එයාගෙ වේදනාව දෙගුන වෙද්දි ටේහියුන් ජෙනීව අත් දෙකට උස්සගත්තා.
"බ්..බේබි බෑ...ග්.."
ජෙනී මුමුනල කියද්දි ටේහියුන් ජෙනී ලෑස්ති කරපු බෑග් එකටත් අරගෙන ඉක්මනට වාහනේට ගිහින් ජෙනීව සීට් එකෙ ඉන්දෝලා වාහනෙ ස්ටාර්ට් කරා..
"ආහ්...ටේහියුන් ...මාව..ඉ..රි..ලා..යනව..ව..ගෙ".
ජෙනීගෙ ඇස් වලින් කදුලු බේරෙනවා.ටේහියුන් ට කරන්න පුලුවන් වුනෙ ජෙනීව ශක්තිමත් කරන්න වචන ටිකක් මුමුනන එක විතරයි...
"හෙලො ඩොක්ටර් ,මගෙ වයිෆ්ට හදිස්ඩියෙ අමාරු වුනා..ලෑස්ති වෙලා ඉන්න.."
ඩොක්ටර් ව දැනුවත් කරලා ටේහියුන් ආයෙම ජෙනී දිහා බලද්දිම වගේ ජෙනීගෙ ඇස් පියවිලා එයාට සිහිය නැති උනා...
...........................................................
ජෙනීව අයිසීයූ එකට ඇතුල් කරේ ටේහියුන්ට එලියෙන් ඉන්න කියලා..ඒත් එක්කම ජෙනී ගෙ කැගැහිල්ල ටේහියුන්ට ඇහෙද්දි එයාව බිම ඉන්දවුනෙ වේදනාව දරාගන්න බැරුව.
YOU ARE READING
Razia|taekook
Randomරැසියල් කියන්නේ විශ්වයෙ රහස් රකින දේවදූතයා..... Top tae Bottom kook ඔයගෙ භාරකාර සුරදූතයා ඔයා වෙනුවෙන් පොලවට ආවොත් මොනව වෙයිද? Happy end~