chapter 5

797 181 60
                                    

      

"ඔහ් මගෙ ලොම් හැලිච්ච නාකි ගෙබි  පැටියෝ"

"ආයිශ් ..ජිමින් සද්දෙන් කෑගහන්න එපා"

ටේහියුන් කෑගැහුවෙ වටපිට බලන ගමන්.

"ඒත් ..ඇයි?බලන්නකෝ මෙයා ගොඩක් හුරතල් පූස් පැටියෙක්නෙ"

"අන්න ඒකයි...ඕකා පූසෙක් ..තමුසෙ දැන් කෑගැහුවෙ ගෙබ්බෙක් කියලා..ඒකත් ලොම් හැලිච්ච?

ජිමින් පූසව වඩාගෙන ටේහියුන් පැත්තට හැරුනෙ එයාගෙ චබි ලිප්ස් අනිත් පැත්ත හරෝගෙන.

"ඒත්...ඒත් ගොඩක් ආදරේ හිතුනාම මට කියවෙන්නෙම කැත නම් නෙ..."

"අන්න එතනයි ප්‍රශ්නෙ ජිමින්...මට හිතාගන්න බෑ තමුසෙට ආදරෙ කරන්න කෙනෙක් ලැබුනොත් ඒ මිනිහට මොකක් කියයිද් කියලා"

"හහ්....මං එයාට ආදරෙන් කතා කරනවා.."

ජිමින් පූස් පැටියව හුරතල් කරන ගමන් කිව්වා.එයාලා කෝලේජ් ඉවරවෙලා ඩ්‍ර්‍යිවර් එනකනුයි මේ ඉන්නෙ..වෙනදට නම් ඩබල හැමතැනම රවුම් ගැහුවට මේ දවස්ටිකෙ පරිස්සම් වෙන්න කියලා තාත්තලා මරන තර්ජන කරපු නිසා දෙන්නට පනින්න බැරි උනා.

"අන්න කාර් එක ආවා...එන්න ජිම්..ඕකව දාලා එනවා"

"බෑ...මෙයා මගෙ"

ජිමින් ලාදුබුරු පාට පර්සියන් කැට්වත් තුරුල් කරන් කා එකට නැග්ග.

"හොද හිතින් ඔය ලොම් ගුලියව එලියට දාලා වාහනේට නගිනවා"

ඇතුලෙ හිටියෙ යුන්ගි,ජිමින් හිතුවා වගේම යුන්ගි බෙරිහන්දෙද්දි මොකුත් නොවුන ගානට පූසාවත් වඩාගෙන ජිමින් කා එකට නැග්ගා..

"මං කියපු දේ ඇහුන්නැද්ද?

යුන්ගි ආයෙම අහද්දි ජිමින් පූසව හුරතල් කර කර ටේහියුන් ගෙ පැත්තට හැරුනා.

"සතෙක් කෑගහනවා වගෙ සද්දයක් ඇහෙන්නැද්ද ටේ..."

ටේහියුන් ඔලුවෙ අත ගහගෙන සීට් එකෙ ඔලුව තියාගත්තෙ මුන් දෙන්නගෙ සීතල යුද්ධෙ නතරවෙන පාටක් නොතිබ්බ නිසා.

යුන්ගිත් කේන්තිය පාලනය කරගෙන වාහනෙ ඩ්‍රයිව් කරද්දි ජිමින් කපටි විදිහට හිනාවුනා...

............................................................

"හෝව්...වාහනෙ නතර කරන්නකෝ...

ජිමින් ගෙ කටෙ සද්දෙට නිදන් උන්න ටේත් ඇහැරෙද්දි වාහනෙ අයිනකින් නතර කරලා යුන්ගි ජිමින් දිහා රවලා බලද්දි ජිමින් අහිංසක විදිහට හිනාවුනා..

"ඒ පාර ඇයි?

"මේ මගෙ ලො.හැ.නා.ගෙ.පැ ට චූචූ දාන්න ඕනිලූ...

ජිමින් කිව්වෙ එයාගෙ අත උඩ  දගලන පූස් පැටියව පෙන්නලා....

"කවුරු?

යුන්ගි ආයෙම ඇහුවෙ ජිමින්ගෙ අපබ්‍රන්සෙ නොතේරුන නිසා...

"ලොම් හැලිච්ච නාකි ගෙබි පැටියා අනේ...

"ලස්සන නම...

"තෑන්ක්ස්..මට විනාඩියක් දෙන්න...මං ගිහින් එන්නම්...

ජිම්න් බැහැල ගියාට පස්සෙ කිසිම ගානක් නැතුව යුන්ගි වාහනෙ ස්ටාර්ට් කරලා ඉස්සරහට ගියා..

පූසත් එක්ක ජිමින් කෑගහන විදිහ බල බල හිනාවෙවීම යුන්ගි වාහනෙ පැද්දෙ ජිමින් දිහයි යුන්ගි දිහයි මාරුවෙන් මාරුවට බලන ටේහියුන් ටත් වින්ක් කරලා...

" ඔයා එයාගෙන් පලිගන්නවද?

"මගෙ උන්ඩ ටික අපරදේ...

යුන්ගි හිනාවෙද්දි ටේහියුන් ටත් හිනා ගියා..යුන්ගි ජිමින්ව දාලා ආවෙ ටේහියුන් ගෙ ගෙදර ට මීටර් කීපයක් විතරක් තිබ්බ නිසාත් ,එතන ගොඩක් ජනාකීර්ණ වගේම ජිමින්ට කිසිම ප්‍රශ්නයක් නොවෙන නිසාත්...

නැත්තන් යුන්ගි කිසිම වෙලාවක ජිමින්ව එහෙම දාලා යන්නෙ නෑ...ටේහියුන් ටයි ජිමින්ටයි දෙන්නටම මරන තර්ජන තියෙන වෙලාවක වෙච්චි කොට.

ඒත් පලිගැනීමත් හරි සොදුරුයි කියනවනෙ!!!








.

මං ටේකුක් එකක් ලිව්වනෙ..✨️.

Sugarplum|yoonminDonde viven las historias. Descúbrelo ahora