Namsan 🌷 (38)

3.3K 623 319
                                    

හඳ එලියෙන්  පමණක් ආලෝකමත් උන කාමරේ දොර විවර කරපූ ජන්කුක් තමන්ගේ ඇඟට හෙත්තු වෙලා හිටිය ටේහියුන්ග්ව පරිස්සමෙන් අල්ලගෙන  කාමරේ ඇතුලට ගොඩ වෙන ගමන් ඇතුලෙන් දොර ලොක් කරා....

මුලු කාමරේම ඝන අඳුරේ තිබුනාත් විශාල ජනෙල් පියන් අතරින් කාමරේ තුලට වැටුන හඳ එලිය හරියටම කාමරේ මැදම තිබුන ඇඳ හැමදේම අතරින් කැපිලා පෙන්න තරම් සමත් කරවද්දි  ජන්කුක් හිතුවේ කාමරේ ලයිට්ස් එයාලාට අවශ්‍ය නොවන බවයි....

හඳෙන් ලැබෙන ආලෝකය ආධාරයෙන් වෙරි මතේන් කියවන ටේහියුන්ග්ව පරිස්සමෙන් ඇඳ ගාවට ගෙනාපූ  ජන්කුක් තමන්ගේ එක අතක රදවගෙන තිබුන ටේහියුන්ග්ගේත් තමාගෙත් බ්ලෙසර් දෙක ඇඳේ කෙලවරකට තියන ගමන් ඊලඟට සූදානම් උනේ ටේහියුන්ග්ව ඇඳෙන් ඉන්දවන්න....

එක අතක් ටේහියුන්ග්ගේ බාහුවකින්ද , අනිත් අත ටේහියුන්ග්ගේ ඉනෙන්ද තියන් තද කරලා අල්ල ගත්ත ජන්කුක් ටේහියුන්ග්ව ඇඳෙන් ඉන්දවන්න සූදානම් උනාත් ඊලඟ තප්පරේ උනේ ජන්කුක් කිසිසේත් නොහිතපූ දෙයක්...

මත් ගතිය නිසා මුලු ඔලුවම කැරකවෙමින් තිබුන ටේහියුන්ග්ව එකපාරම කකුල් අඬපණව ඇඳ උඩට ඇදගෙන වැටෙද්දි  තමාට වඩා තුන් ගුණයක් ලොකු ටේහියුන්ග්ව වැටෙන්න නොදි පාලනය කර ගන්න උත්සාහ ගත්ත  ජන්කුක්ද ඊලඟ මොහොතේ හිටියේ ටේහියුන්ග්ගේ ඇඟ උඩ....

🐰: අහ්හ්...!!!

ජන්කුක්ගේ මුහුන වේගෙන් ගිහින් ටේහියුන්ග්ගේ පපුව මත පතිත වෙනවත් එක්කම ඒ ක්ෂණිකයෙන් ක්‍රියාත්මක උන ටේහියුන්ග් ජන්කුක්ගේ බද වටේ  අත් දෙක යවලා තද කරගෙන බදා ගන්න ගමන් එහෙමම අනිත් පැත්තට පෙරලුනේ ජන්කුක්ව තමාගේ යටට හිටින විදිහට.....

උන දේත් එක්ක කලබල උන ජන්කුක්ගේ දෑස් පුදුමෙන් විශාල වෙන ගමන් නොදැනීම ඒ අත් ටේහියුන්ග්ගේ පපුව මත නතර වෙද්දි  ඒ තරු කැට වගේ දිලිසෙන ඇස් දිහා මොහොතක් බලන් හිටිය ටේහියුන්ග් ජන්කුක්ගේ නලල් තලය සිපගෙන හිටිය ඒ කොණ්ඩ කැරලී කිහිපය  දබර ඇඟිල්ලෙන් එහාට කරේ ජන්කුක්ගේ සම්පුර්ණ මුහුනම තමන්ගේ බොඳ උන ඇස් වලින් බලන්න තිබ්බ  ආසාවට.......

Bratty kid     (Completed ✅)Where stories live. Discover now