Episode 01

59 4 0
                                    


" නම්ජූන්ශී ... උදේ වෙලා නැගිටින්න ..."

ඇදේ යටි අතට පෙරලිලා මූණත් ඇල කරන් එක් අතකින් කොට්ටයකුත් බදාගෙන කොට කලිසමක් පමණක් ඇදගෙන නිදාගෙන සිටින තරුණයාට සේවිකාව කතා කලේ ඔහු පයින් ගසා බිම වැටී තිබුණු කොට්ටයකුත් පොරෝනයත් අතට ගන්න ගමන්මයි ...
කොතරම් කතා කලත් ඔහු නෑසුනාක් මෙන් නිදාගෙන සිටින නිසාම සේවිකාව ආයෙමත් කතා කලේ ඔහු ප්‍රමාද වූවත් බැනුම් අසන්නේ ඇයම නිසයි ..

" නම්ජූන්ශී නැගිටින්න ... අද කැම්පස් යන්න ඕන කියලා ලොකු මහත්තයා කිව්වා ...."

"ආශ්ශ් .... ශීබ...ල් ..."

සේවිකාවගේ කෑ ගැහිල්ල නිසාම නින්දත් නොනින්දත් අතර සිටි නම්ජුන් අමතක වී සිටි යමක් මතක් වූ නිසා දෙඇස් අඩවන් කර සේවිකාව දෙස බැලුවේ තරහින් ...

"වෙලාව කීයද ..."

"හයහමාරයි ..."

" ආශ්ශ් ..."

දෙඇස් වලින් නිදිමත බේරෙනවා ඔහුගේ... බදාගෙන සිටී කොට්ටෙත් විසික් කරලා දාලා ඇදෙන් ඉදගත්ත නම්ජුන් ආයෙමත් දෙඇස් පියාගත්තේ හොදටම නිදිමත නිසයි ... ක්ලබ් එකේ පිස්සු නටලා බීලා කෙල්ලෝ එක්ක සතුටු වෙලා එද්දී පාන්දර දෙකට විතර ඇති .. ඒ ඇවිල්ලත් නිදාගනිද්දී තුනට කිට්ටුයි ...

" නම්ජු..."

ඇදේ ඉදගෙනම නින්දයාගෙන වගේ එනවත් එක්කම එකපාර සේවිකාව කතා කරද්දී නම්ජුන්ව ගැස්සිලා ඇහැරුනේ ...

"මොන මගුලක්ද ඕයි ... කට වහන් යනවද පවුනොදී උදේ පාන්දරම ...."

නිදිමත නිසාම යකා නැගලා හිටපු නම්ජුන් තරහින් කෑ ගහලා සේවිකාවට බැනගෙනම ඇදෙන් බැස්සේ රවාගෙනමයි ... ඔහු බිම තිබුණු කොට්ටෙට පයින් පාරක් ගහන ගමන් නානකාමරයට යද්දී සේවිකාව කාමරය අස්පස් කරන්න ගත්තේ කවදත් ඔහුගේ හැසිරීම ඔහොම නිසයි ...

නිදිමතේම නාගත්ත ඔහු තුවායත් දවටගෙන එක් තුවායකින් ඔලුවත් පිහිද පිහිද එලියට ආවේ ඈනුමකුත් යවන ගමන්මයි ...

" ආශ්ශ්ශ්.... අප්පටත් පිස්සු නේ බොරුවට කැම්පස් මගුලක් යන්න යන්න ගානවා ගෙදර ඉදන් කරගන්න පුලුවන්කම තියෙද්දී .."

Love Is Not Over  🥀|| KNJ || Where stories live. Discover now