එකපාර හුස්මත් ඉහල ඇදෙද්දී කෙල්ල හිටියේ ගල්වෙලා වගේ නම්ජුන් දිහා බලන් ... නම්ජුන් එක් අතක් ඇගෙ හිස ලගින් බිත්තියට තද කරගෙන අනෙක් අත ඇගෙ ඉන හරියෙන් බිත්තියට තියාගෙනයි හිටියේ ..." මොකක්ද නම කිව්...වේ..... හේ ... හේ ....මොකක්ද ??...."
" හ්... හේසු ....."
නම්ජුන් හේසුගෙ මූනටම ලංවෙලා මතක් කරනවා වගේ මවාපාමින් කියද්දී කෙල්ල කිව්වේ ඇයට කෙලත් ගිලෙද්දී ....
" හැටි බලනවකෝ .... තමුසෙත් කැතයි ... තමුසෙගෙ නමත් කැතයි ..."
නම්ජුන් හිනාවෙවී කියද්දී හේසුගෙ දෙඇස් වලට කදුළු පිරුණේ ඇයටත් නොදැනීමයි ....
" මේ අහපන් .... "
කදුළු පුරවගෙන බලන් ඉන්න කෙල්ලට තවත් ලංවෙමින් දෙඇස් එකපාර රත්පැහැ කරගෙන දත්මිටිකමින් නම්ජුන් කියද්දී හේසු හුස්මත් හිරකරගෙන තවත් බිත්තියට තද වුනේ බයටමයි ....
" උබට මන් එදාම කිව්වා මැරේජ් එකට බෑ කියන්න කියලා .... ඒත් උබ හරි ලස්සනට මන් කැමතියි කිව්වනේ ... දැන් බලපන් උබ කැමැත්තෙන්ම ආවේ මොන වගේ තැනකටද කියලා .... මන් උබ...ට මිහිපිට අපාය පෙන්නන්නම් ...."
දත්මිටිකමින් නම්ජුන් කෙල්ල දෙසම බලන් කිව්වේ ඇය එක්ක තියෙන කේන්තිය මෙහෙමැයි කියන්න බැරිතරම් වෙද්දී ....
" මොන දේ වුනත් උබට ඩිවෝර්ස් වෙන්නත් බෑ .... ඒ නිසා ජීවිත කාලෙම විදවපන්.."
එහෙම කියලා එකපාර හේසුගෙ හිස ලග තිබුණු අත මිටිමොලවලා බිත්තියට ගහද්දී කෙල්ලව ගැස්සිලා ගියේ හුස්මත් ඉහලට ඇදෙද්දී ...
" හ්හ්හ්..."
" බය වුනාද .... ච්හ් ච්හ් .... ඔයාට තාම මන් අත තිබ්බෙත් නෑනේ ...."
බයවෙලා ඉන්න කෙල්ලට කතා කරගන්නවත් බැරුව හිටියේ කට ලොක් වෙලා වගේ.... නම්ජුන් දෙසම බලන ඉන්න කෙල්ලගෙ කොපුල් වලින් කදුලු එකපේලියට ගලන් ගියේ ඇය හොදටම බය වෙලා ඉන්න නිසයි .... හරියට වචන කීපයක්වත් කතා කරලා නැති කතා කරපු හැම වචනෙකම නපුරුකම විතරක් තිබුනු පිරිමියෙක් එක්ක කාමරේක තනිවෙලා ....
YOU ARE READING
Love Is Not Over 🥀|| KNJ ||
Fiksi Penggemarසමහර සමුගැනීම් වලට හරි හැටි සමුදීමක් වත් තිබුනේ නෑ.... ජිවිතේ හැටි එහෙමයි... 🥀 Why are you getting farther away ? So far that i can't reach you ? Tell me why, you're so far away, why ? Can't you see me in your eyes anymore? Love i...