අම්මා තාත්තා නිවෙස අස්පස් කරද්දිත් හේසු කාමරේටම වෙලා අඩ අඩ හිටියේ වෙන්න යන දේ ගැන හිත හිත .... ජන්ග්කුක් කොච්චර එපා කිව්වත් කෙල්ලට ඔහුවම ඕනෙ වුනේ අවුරුදු හතරක ආදරේකට එකපාර පයින් ගහලා දාන්න බැරි නිසයි ... හේසු උදේ ඉදන්ම බල බල හිටියේ ඔහුට කෙසේ හෝ මේ ගැන කියන්න ... ඇගේ ජංගම දුරකථනයත් වූක් ගත්ත නිසාම ඇය රෑ වෙනකන්ම බලන් හිටියේ ඔවුන් දෙදෙනා නින්දට යනකන් .... රාත්‍රී එකොලහමාර පහුවෙනවත් එක්කම අම්මගෙ තාත්තාගේ සද්දයක් නැති වෙද්දී හේසු සද්දයක් නොඇසෙන්න කාමරයෙන් එලියට ඇවිත් ඇගේ දුරකථනය අවට කොහේ තිබෙනවාදැයි බැලුවත් එහි සේයාවක්වත් නොමැති නිසාම නිවසෙ දුරකථනයෙන් ජන්ග්කුකට ඇමතුමක් ගත්තේ හදවතේ වේගය පවා හොදටම වැඩි වෙද්දී ..." යොබ්සේයෝ ...."
" යොබ්...යොබ්සේයෝ ජන්ග්කුක් ඔප්පා... මේ ම..."
" හේසු ඔයා ..."
" ප්ලීස් කෝල් එක කට් කරන්න එපා ... අ..නේ ටිකක් අහන්නකෝ ... "
හේසු අඩ අඩම කියද්දී ඔහුද ලොකු සුසුමක් පිට කලේ හිතේ තියෙන බර නිදහස් කරගන්න වගේ ...
" ජන්ග්කුක් අ...නේ අම්මලා මාව අර මිනිහට බන්දලා දෙන්න හද...න්නේ .."
" අහ් ... ක්...කාට.. ද .."
කෙල්ල ඉකිගගහා කියද්දි සන්සුන්ව අහගෙන හිටපු ජන්ග්කුක් එකපාර පුදුමයෙන් වගේ ඇහුවේ ඔහුගෙ හදවතද එකපාර නොසන්සුන් වෙද්දී. .
" අර නම්ජුන් ...ට ... අ..නේ මට එයාව බදි..න්න බෑ ජන්ග්කුක් ..ප්ලීස් ඔයාට බැරිද මන් ලගට ආයේ එන්න ... අ...නේ ... අ...නේ බෑ කිය...න්න එපා ... "
" හේ... හේසු ... "
" අනේ බෑ කියන්න එපා ... ප්ලීස් මාවත් අරන් කොහෙට හරි යන්නකෝ ...මට බෑ ඒ මිනිහව බදින්න ....චේබල් ..."
හේසු පපුවටත් අත තියාගෙනම හොදටම අඩ අඩ කියද්දී ඔහු නිරුත්තර වෙලා අහන් හිටියේ මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව .... ඔහුටත් ඇයව ඕනෙ .. ඒත් මේ වෙච්ච දේවල් එක්ක ටික කාලෙකට හරි ඇගෙන් ඈත් වෙලා හිතහදාගන්න ඕන වුනත් ඔහුට ආයෙම හිත කිව්වේ ඇයව ඔහුගෙ ජීවිතේට අවශ්‍ය නෑ කියලයි ...
YOU ARE READING
Love Is Not Over 🥀|| KNJ ||
Fanfictionසමහර සමුගැනීම් වලට හරි හැටි සමුදීමක් වත් තිබුනේ නෑ.... ජිවිතේ හැටි එහෙමයි... 🥀 Why are you getting farther away ? So far that i can't reach you ? Tell me why, you're so far away, why ? Can't you see me in your eyes anymore? Love i...