"අයූ ඔයා ට නම් අලුත් හෙඩ් නිසා වාසනාව පෑදීලා ඒත් ඕක කොච්චර කල් තියෙද දන්නෑනේ නේද....අනිත් දේ ඔයාට ජිමින් සර්ව නම් දැලේ දාගන්න බැරි වෙයි"
"අනේ මම නම් කාවවත් දැලේ දාගන්න යන්නෑ ඔයා වගේ අනික බල්ලෙක් බිරැවා කියලා කන්දක් පාත් වෙන්නෙ නෑනේ නෝරා" අයූ ඇගට නොදැනෙන්න එහෙම කියද්දි ගායෝන්
"මේ නෝරා තමුසෙට ඔච්චර අමාරැනම් අයූ ට මේක ලැබුනු එකට ගිහින් තමුසෙගෙ අමාරුව ට බේත් ටිකක් ගන්නවා නෝරා නෙවයි තමුසෙ මෝරා"
"හහ් කාට කාටත් පහුවෙනකොට තේරෙයි"
නෝරා අයූ දිහයි ගායෝන් දිහයි බලන් ගස්සගෙන යද්දිම වගේ සූබීන් ඇතුලට ආවා" අයූ....ඇත්තද මේ කතාව....ඔයාට ජිමින් සර්ගේ SECRETARY වෙන්න කිව්වද"
"ඔව්....ආහ් ඔයාට කියන්න බැරි උනානේ ඒක ජිමින් සර් නම් හරිම හොද කෙනෙක් වගේ නේද සූබින්" අයූ ගේ කතාවට සූබින් කට කොනින් හිනාවුන සූබීන් ව දැකපු අයූ
"ඇයි එහෙම නැද්ද ආහ්.....හිනාවෙන්නෙ කවුද වගේ"
"මට නම් එයාගෙන් කිසිම වැඩක් නෑ අයූ ඒත් ඕනවට වඩා කාවවත් විශ්වාස කරන්න එපා අනික ඔයා ඔය හෙඩ් එක්ක වැඩිය ඉන්නවට මම කැමති නෑ කොහෙත්ම"
"අනේ සූබින් මෙන්න කිව්වා අයූ ට ඕක කරගන්න දීලා ඔයාගෙ ඔය ජෙලි කුප්පිය හලන්නැතුව ඉන්නවද දැන්වත්"
"අයූ අද වැඩ ගොඩක් තියෙනවා ඉවර කරන්න මුලින්ම මිස්ටර් මින් ජන්ග් ගේ OFFICE ROOM එකට ගිහින් එයාගෙන් ඉල්ලන් එන්න මේ COMPANY එක ඇතුලත සිද්දවෙච්ච වියදම් වල බිල් ටිකයි චෙක් ටිකයි තියෙන ෆයිල්ස් සේරම ටික"
"ඕකේ සර්"
"ඉක්මනට ඒ ටික චෙක් කරල ලෑස්ති වෙන්න මාත් එක්ක ගමනක් යන්න"
"කොහෙද සර් යන්නෙ"අයූ පුදුමෙන් වගේ ඇහුවේ දැන් කොහේ යන්නද කියල හිතලා
"ඒක ඒවෙලාවට බලාගන්න පැය දෙකක් ඇතුලත ඔක්කොම ෆයිල්ස් චෙක් කරල තියන්න"
එහෙම කියල ඔක්කොම වැඩ ටික අයූට බාරදිලා ජිමින් එලියට ගියා අයූත් අනිත් පැත්තට හැරුනේ මින් ජන්ග් ගේ OFFICE එකට යන්න
YOU ARE READING
🤍 IMMORTAL LOVE🤍
Romansaආදරණීය හදවත් ද්විත්වයක...... දෛවෝපගත ආදරය...... . . . . . . . නපුරු හිතක් ආදරයෙන් මුසපත් කල ඇයත්...... ආදරණිය සිතුවිලි වලින් නග්න වූ ඔහුත්...... ❤ You are mine in every soul ❤ All rights reserved‼️ Don't copy my work🚫 Cover credit goes to berry's C...