Monster - Yizhan Oneshot

372 56 17
                                    

සූර්යයා අහසේ ඉහළින් පායා තිබූ අතර චාරිකාවක් යාමට එය හොඳම වේලාවක් විය. මද සුළඟ සිසිල් වූ අතර එය වෘක්ෂයන් වෙත කෙඳිරුම් යොමු කළේ  ය.

තරුණයෙක් සාමකාමී අන්දමින් විසල් මැහෝගනී වෘක්ෂයක යට සෙවණෙහි හිඳගෙන සිටියේ ය. ඔහු අවට සිටි පුද්ගලයන් වෙත අවධානය යොමු කිරීමට නොහැකි අන්දමින් ඔහුගේ සටහන් පොතෙහි යමක් ලියමින් කාර්යබහුල වී සිටියේ ය. "අයියෝ! ශ්‍යාඕ ඡාන් මහත්තයා, කරුණාකරලා අපි ඇතුළට යමු. දැන් දවල් කෑම වෙලාව." සුදු පැහැ ඇඳුම් හැඳ ඇගේ කෙස්කළඹ ගෙඩියක් ගසා සිටි කාන්තාවක් යටකී පුද්ගලයා විසින් බාධාකරනු ලැබූ බවක් දක්වමින් කීවා ය. "ආහ්, මිස් ලී? මම ටිකකින් එන්නං. මං කෙනෙක් එනකං බලන් ඉන්නෙ." දැන් ශ්‍යාඕ ලෙසින් හඳුනාගත් පුද්ගලයා තමා ඉදිරියේ සිටි කාන්තාව දෙස බලා මදහසක් පෑවේ ය. "ඒත් ශ්‍යාඕ මහත්තයාට තරහයාවි."

සිය අත අලස අන්දමින් ඇය වෙත වනමින් ඔහු ප්‍රමුදිතව සිනහසුණේ ය. "මං තාත්තව බලාගන්නම්. බයවෙන්න එපා."  කාන්තාව තවදුරටත් පිළිවදන් කීම නවත්වා අවසර ගෙන කුඩා කූඩයක් ඔහු පසෙකින් තැබුවේ ය. ඉක්බිති ඈ දර්ශනයෙන් ඉක්මනින් ඉවත්ව ගියා ය.

සිය සටහන් පොත නැවත වරක් දිගහරිමින් නැවතත් ලිවීම අරඹමින් ශ්‍යාඕ ඡාන් තනුවක් මුමුණන්නට විය. වැඩි වේලා නොගොසින් ඔහු අවසානයේදි තමා පසෙකින් වූ තවත් පුද්ගලයෙකුගේ රැඳී සිටීම හැඳිනියේ ය. "ඔයා මෙතනට ආවනම් ඔයාට මොනවහරි කියන්න තිබුණා." සිය ලිවීම සහමුලින්ම අතහැර දමා සිය සටහන් පොත පසෙකින් තබමින් ඔහු මහහඬින් සිනහසුණේ ය. “"මං කොහොමද එහෙ කරන්නෙ? ඔයා මොනවදෝ ලියන ගමන්නෙ හිටියෙ. මට ඔයාට කරදර කරන්න ඕනෙ වුණේ නෑ." ශ්‍යාඕ ඡාන් පසෙකින් හිඳගනිමින් අනෙක් පුද්ගලයා කීවේ ය.

"හාහා, ඔයා කවදාවත් කරදරයක් වුණේ නෑ, යිබෝ." ඔහු පසුපස වූ රුකට හේත්තුවෙමින් ශ්‍යාඕ ඡාන් මුදුව කීවේ ය. "ඕහ් ඇත්තට? මට නං ඇහිලා තියෙන්නෙ ඔයා ගොඩක් පාරක් කියනවා මං මහ කරදරයක් කියලා." ශ්‍යාඕ ඡාන් දෙසට නියවමින් යිබෝ කීවේ ය. දෙවැන්නා සිය දෑස් විනෝදකාමී ලෙස කරකවා මාතෘකාව වෙනස් කළේ ය. "ඔයා කොහෙද හිටියෙ මෙච්චර දවස්? මං පාළුවෙන් හිටියෙ."

Monster - Yizhan Oneshot [Sinhala Translation]Where stories live. Discover now