__ආදරය වෙනුවෙන් උරුමය අත්හැර දැමූ ඔහූගේ කතාව__
..................✨️❤️✨️..................
" ආහ්...අතාරින්න මාව...බේර ගන්න කවුරුත් නැද්ද...ආහ්..."
මැදියම් රෑ නිවාස සංකීර්ණයේ එක නිවසකින් මැදිවියේ ගෑනු කෙනෙක් කෑගැහුවා...
ඒ තමන්ගේ ගෙදරට ඇතුල් උන මනුස්සයෙක් නමුත් භයානක උල් වූ දත් වගේම තද කලු පැහැ දීප්තිමත් ඇස් තිබුනු ආගන්තුකයා නිසා...
ආගන්තුකයාගේ කට දෙපැත්තෙන් එලියට නෙරා ආ උල් දත් දිහා ගැහැනිය ගැහෙමින් බලන් හිටියා...
" කෑගැහුවට වැඩක් නෑ."
ආගන්තුකයා ටිකෙන් ටික ලං උනා... නිරාවරණය වෙලා තිබුනු ගෙල ලගට මුව ලං කරද්දිම ඇයට සිහිනැති වුනා...
ඔව්ව්ව්........
ඒ වැම්පයර් කෙනෙක්...
සාමාන්‍ය වැම්පයර් කෙනෙක් නෙවෙයි...
ගොඩක් බලගතු වැම්පයර් කෙනෙක්..." ටේ...ටේහ්‍යුන්ග් ..."
ටේහ්‍යුන්ග් නිශ්ශබ්දවම ගිහින් ගෙදර දොර ඇරියා...
කේන්තිකාර මූණකින් ගෙට ඇතුලු උනේ ජිමින්.." මොකද්ද උබ අර කරල තියෙන්නෙ "
" මොකද්ද ?"
කලු පැහැ සෝෆාවෙන් ඉද ගන්න ගමන් ටේහ්‍යුන්ග් ගානක්වත් නැතුව ඇහුවා...
" අර 326 ගෙදර ගෑණිට කරපු දේ ගැන මං අහන්නේ..."
" ඒකට සම්පූර්ණයෙන් වැරදි උබ...
උබ පරක්කු උන නිසා මං..."" අහ්..
ටේ උබට ඉවසීමක් නෑ පොඩ්ඩක්වත් "" ඔව්..ඔව්.....
උබ බලපන් දැන් වෙලාව...
මං පැය 32 ක් තිස්සේ බඩගින්නේ..."
YOU ARE READING
My Vampy King ||KTH||
Про вампиров__ආදරය වෙනුවෙන් උරුමය අතහැර දෑමූ ඔහුගේ කතාව__ Cover Credit Goes To :- @Hana78482