I was waiting for you to come to me ... but why?
Please, if I had been patient for another moment, I would have known that after that moment your smile would fade forever ................ I regret it ....................................................................
🐰 බෝබෝ උදේම ඔෆිස් එකට ගියේ එනකොට හවස් වෙයි කියලමයි. දැන් දවල් වේගෙන ආවාත් මන් එහෙමම ඇදට වෙලා හිටියෙ කම්මැලි හින්දා වගේම ඇවිදින්න ටිකක් අමාරු හින්දා. වෙනදා වගේ නෙමේ අද ටිකක් ඇගට අමාරුයි. ඊයෙ රෑ මතක් වෙනකොට ලැජ්ජයි වගේම හිතට සතුටකුත් දැනෙනවා. ඊයෙ තරම් දැන් හිතට ලොකූ අපහසුවක් නෑ. මන් දන්නවා බෝබෝ මන් ලගම ඉන්නවා. පේන් කිලර් දෙකකුත් බීලා මන් ජනෙලේ ලගට ගිහින් එළිය බැලුවා. සීතලයි .
කාලගුණය ඉක්මනට වෙනස් වෙලා. ඊයෙ රෑ හිම වැටිලා තිබුනෙ නෑ. ඒත් එළිවෙන ටිකට හයියෙන් වැහැලා හිම වැටෙන්න පටන් අරන් තිබ්බා. කොච්චර ඉක්මනට හැමදේම වෙනස් වෙනවද? සීතකාලෙ හැම අවුරුද්දේම තිබුනත් මේ පාර කලින්ම කුණාටුවකුත් ඇවිත් වගේ. සීත කාලෙට ඉර මලානිකයි. එහෙමත් දවසක තමා ලාවට හරි ඉර එළිය පේන්න තියෙන්නෙ. ඒත් ඉර එළිය නෑ කියන්නෙ හද කොහොමත් පේන්නෙ නෑ. මුළු සීත කාලෙ පුරාවටම ඉර නැතිව හද අමාවක වගේ පේන්නෙ නෑ .
මට සතුටුයි මේ වෙනකන් හැම සීත කාලෙම මන් මගෙ දුක තනියම විදගත්තා. උණුසුම්ව ගෙවුන එක දවසක්වත් මගේ ජීවිතේ තිබුනෙ නෑ. ඒත් දැන් මගේ ඉර මන් ගාව ඉන්නවා. මන් තව දුරටත් තනි වෙන්නෙ නෑ. 😊
ඩයරිය වහලා තියලා දවල්ටත් කෑම කාලා වොශ් එකක් දාන් පෝන් එකේ සිංදු දාන් ඇහුවා. මන් අහල නැති සිංදු ගොඩායි. සරලවම කීවොත් ඔක්කොම වගේ අහල නෑ තමා. මට ගෙදර ඉද්දි සිංදුවක්වත් අහන්න දුන්නෙ නෑ. Tv කොහොමත් බැලුවෙ නෑ.
නොදැනිම ආයෙම නින්ද ගිහින් මට ඇහැරුනේ ගොඩක් හවස් වෙලා. මන් හෙමින් හෙමින් අත්වැටත් අල්ලන් පඩිපෙල බැහැලා ගිහින් සෝෆා එකේ වාඩි වෙලා බලන් හිටියෙ බෝබෝ ආයෙම ගෙදර එනකන්. එතකන් මේඩ් කෙනෙක්ට කියලා ලගට ගෙන්නන් ආමන්ඩ් ඇට ටිකක් කන්න ගත්තෙ එව්වා ගුණ නිසා. මන් දැන් අමාරුවෙන් හරි කන්න ඕනි. අපේ පැටියට ඕනිනෙ.☺️ අද මන් බෝබෝට කියනවා අපෙ බබා ගැන. එයා මොනවා කියයිද දන්නෑ. ඒත් අනිවාර්යෙන්ම එයා කැමති වෙනව. මොකද එයා පොඩි දරුවන්ට හරිම ආදරෙයි. එයා අපෙ පැටියට හොද පපා කෙනෙක් වෙයි.අදට හරියටම මාසයයි අපි මැරි කරලා. 😊
![](https://img.wattpad.com/cover/310883213-288-k779705.jpg)
VOCÊ ESTÁ LENDO
Endless Love ( Yizhan ) Complete
FanficI wanna grow old with you I wanna die lying in your arms I wanna grow old with you I wanna be looking in your eyes I wanna be there for you Sharing in everything you do I wanna grow old with you I love you