දඟමල්ල...
•
•
•
අම්බේ අලුත් අවුරුද්ද උදා උනාට පස්සේ ඕන් දවස් දෙකක් ගෙවිලත් ගිහින් අද අලුත් දවසක්.. ෆූහ්... අද පලකෝ ඔෆිස්.. අයියෝ මේ දවස් දෙකේ පට්ට ජොලියේ හිටියේ මම.. පුතයි චන්ගයි.. චන්ගයි පුතයි.. ඕක තමයි මගේ වටේ කැරකුන භූත ජෝඩුව...
තාත්තා වෙලාවකට බෝලේ ගානවා.. ආයේ ටිකකින් පුතා බූලේ ගානවා.. මන් දෙන්නටම බැට් එකෙන් ගහනවා.. හී.. නෑ නෑ.. අපි ඊයේ බෝල් ගැහුවා.. හී.. මීච්චියත් උඩ ඉදන් ඒකිගේ කෝටු කකුල් දෙක එලියෙ දාන් ඉන්නවා.. ශිට්.. පේන්න බෑ ඕකිව නම්...
❤️ බෝලේ...ලෑස්තිද...
💚 අනී නෑනේ.. මට මේ කමිසෙ යට කරගන්න තේරෙන්නෑ...
පූසා කැරකි කැරකි නැට්ට අල්ලනවා වගේ මන් කැරකි කැරකි කමිසෙ යට කරත් වැඩේ හරියන්නෙ නෑ අප්පා... මොන මගුලක්ද මන්දා මේක..
❤️ ආ.. ඉන්නකෝ.. එන්නකෝ බෝල ගෙඩිය මගෙ ලගට.. අම්බේහ්.. මොනා නැතත් සූද ගගහා නාලා නම් ඉන්නවා නේද...
💚 හී.. ඒම තමයි ඉතින්.. ඔයත් සුවදයිනේ චන්ගා...
❤️ ඇත්තද...
💚 ඔයාට තුරුල් වෙලා ඉන්න හිතෙනවා..
❤️ රෑ එලි වෙනකල් ඉන්නවා මදිද දැන් බෝලෙට..
💚 ඔව්...
❤️ එහෙනම් එන්නකෝ.. හැබැයි තව ටිකකින් අර ඇරුන දොර අස්සෙන් එනවා චූටී ඉරිසිකාරයෙක්.. එතකොට ඉතින් ඔයාට හුලන්..
ඒක නම් ඇත්ත.. මේ දවස් ටිකේම එහෙමයී.. මට චුට්ටක් වත් චන්ගව බදාගන්න මේ පොඩි එකා ඉඩ දෙන්නෙම නෑනේ .
දන්නවද එදා රෑ චන්ගට ලං වෙච්ච වෙලාවේ ඉදන් මගේ හදවත පිස්සු නටනවා.. ඒ ඇයි කියන්න මම දන්නෙ නෑ.. ඔක්කොටම වඩා රෑ එලි වෙනකල් චන්ගා මාව තුරුල් කරන් ඉන්නවා.. දැන් පොඩ්ඩත් අලුත් සෙල්ලමක් පුරුදු වෙලා එයා චන්ගගෙ පපුව උඩ දොයියනවා.. හූම්... මම අතක් උඩ.. අසාධාරණයි අප්පා.. මටත් ඒ පපුව උඩින් ඔලුව තියන්න ඕනේ... කොහෙද ඉතින්... පොඩි චන්ගා ලොකු චන්ගගෙ පපුවම අයිතිකර ගන්නවනේ.. හැබැයි ඉතින් මන් මූණ බෙරි කර ගද්දී චන්ගා මාව එක අතින් උනත් ගොඩාක් තදින් තුරුල් කර ගන්නවා.. මගේ නහය දැන් මිරිකන්නෙත් නෑ.. එයාගේ නහයෙන් මගේ නහයට තට්ටු දානවා..
YOU ARE READING
༺ දඟ මල්ල ༻ ✓
Fanfictionපුංචිම පුංචි රෝස පාට බබෙක්ගේ තාත්තා කෙනෙක්ට ආදරේ හිතුනොත් කොහොම වෙයිද.. දගකාර විසේකාර කොල්ලෙක්ට පුළුවන් වෙයිද කසාදය එපා වෙලා දරුවෙක් එක්ක තනි වුන හිතකට පෙම් බදින්න.. මේ විසේකාර දගමල්ලකගේ ආදර කතාවයී...