දඟමල්ල....
සුව නින්දේ උන්න බෝල කොලුවට කන ලගින්ම මියුසික් එකක් ඇහෙද්දි අත පත ගාලා කොල්ලා ෆෝන් එක හොයාගත්‍තා..
💚 අයියෝ... නින්ද මගේ....ඊහ්...
මෙට්ටෙටත් පයින් පහරක් ගහලා කොල්ලා නැගිට්ටේ ෆෝන් එකේ එලාම් එකත් ඕෆ් කරලා...
💚 මෙච්චර කලින් එලි වෙලාද අප්පා අද...
හක්ක පනින්න තරමින් ඈනුමක් ඇරලා යීබෝ ඇදේ එරමිණියා ගොතාගෙන වාඩි උනේ ඇස් දෙක නම් ආසාවට වත් අරින්නේ නැතුව..
💚 සීතලයිනේ අප්පාහ්...
කොල්ලා ඇස් දෙකත් ඇරලා බැල්කනියට ගියේ උදෑසන හිරු කිරණ ඇගට ගන්න උනත් කොල්ලගෙ ඇස් උඩ ගියේ තාමත් ලා අදුරක් වටපිටාවෙ තියෙන නිසා...
💚 යකෝ.. අද ඉර පායලා නැද්ද... නැත්තම් මගෙ එලාම් එක.........
යීබෝ යමක් මතක් වෙලා ආයෙමත් කාමරේට දිව්වේ ෆෝන් එකත් අතට අරන්... හරිනේ... වෙලාව තාම උදේ 6යි.. වෙනදට 8 වෙනකල් නිදියන කොල්ලා අද මේ 6ට නැගිටලා.. අද ඇකඩමියට යන දවසක් උනත් කොල්ලා 8ට තමයි වෙනදට නම් නැගිටින්නේ..
💚 මොකාද යකෝ එලාම් එක වෙනස් කරපු පරයා.. ඊහ්.. නින්දත් කෑවා...
යීබෝ කාමරේ ඉදන් උඩ පැන පැන කෑ ගැහුවේ තමන්ගෙ නින්ද කැඩුන තරහට.. හැබැයි ඒ තරහව තිබ්බේ විනාඩි ගානක් විතරයි... කොල්ලට ආවේ මහා නසරානි හිනාවක්.. මේ ගෙදර කොල්ලට මේ වගේ ගේමක් දෙන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ.. ඒ තමයී...
💚 වන්ග් යැංසී... තොරොම්බලී... අද ටෝව මන් කෑලී කෑලි වලට ඉරලා වංගෙඩියක දාලා කොටලා ඉස්ම ටික මිරිකලා කපුටොන්ට කන්න දානවා යකෝ.. කපුටු කාක් කාක් කාක්....
ESTÁS LEYENDO
༺ දඟ මල්ල ༻ ✓
Fanficපුංචිම පුංචි රෝස පාට බබෙක්ගේ තාත්තා කෙනෙක්ට ආදරේ හිතුනොත් කොහොම වෙයිද.. දගකාර විසේකාර කොල්ලෙක්ට පුළුවන් වෙයිද කසාදය එපා වෙලා දරුවෙක් එක්ක තනි වුන හිතකට පෙම් බදින්න.. මේ විසේකාර දගමල්ලකගේ ආදර කතාවයී...