තවත් සතියකින් විතර ජන්ග්කුක්ව සම්පූර්ණයෙන්ම සුව අතට හැරුනා.කම්පනි එකේ වැඩ හැමඑකක්ම මාසයක් තිස්සෙ ජිමින් ට තනියම බලාගන්න වුන නිසා ජන්ග්කුක් ඉක්මනටම ආයෙත් වැඩ පටන් ගන්න හිතුවා.
මොකද එයාල වෙඩින්ග් එකෙන් පස්සෙ හෝල්ඩ් කරල තිබුන අලුත් ප්රොජෙක්ට් එක ආයෙත් පටන්ගන්න ජන්ග්කුක් ට ලොකු ආසාවක් තිබ්බා.ඒක නිසා ජිමින් ට ටික කාලයක් රෙස්ට් කරන්න දීල ජන්ග්කුක් කම්පනි එකේ වැඩත් එක්ක ගොඩක් බිසී වුනා.
ජිමින්ගෙ මුලු දවසම ගතවුනේ අපාර්ට්මන්ට් එකේ.ටේගි දෙන්නත් ඩේගු වල එයාලගෙ පවුල් වල අයත් එක්ක වැකේෂන් එක ගත කරන්න ගිය නිසා ජිමින් හිටියෙ පාලුවෙන්.ආයෙත් එයාල සෝල් වලට එන්නෙ නත්තල ට.ටේ ලග නැති වෙද්දි ජිමින් ට කාලෙ ගත වෙන්නෙ නැතුව එකම තැන නැවතිලා වගේ.හොබිත් එයාගෙ එන්ටර්ටේන්මන්ට් එකේ වැඩත් එක්ක බිසී.කොහොමත් හැමෝම ප්ලෑන් කරගෙන ඉන්නෙ නත්තලට එකතු වෙන්න.නම්ජීන් දෙන්නා දැනටමත් පාර්ටි එකක් ඕගනයිස් කරන ගමන් හිටියෙ..
ගෙවුන නරක කාලෙන් පස්සෙ ජිමින් හිටියෙ ලොකු කම්පනයකින් වුනත් මේ කාලෙ පුරාවටම ජන්ග්කුක් ලග හිටපු නිසා ඒ ගැන නොහිතුනත් දැන් ආයෙත් තනි වෙද්දි ජිමින් ට දැනුනෙ ලොකු පාලුවක්.
ගොඩක් දවස් වලට ජීයූ ව බලන්න යන්නත් මේ අතරෙ ජිමින් පුරුදු වුනා..
.
.ජන්ග්කුක් කම්පනි එකට ගියාට පස්සෙ ජිමින් අදත් උදෙන්ම ලෑස්ති වුනේ ජීයූ ව බලන්න යන්න..
ජිමින් ඈත ඉදන්ම දැක්කෙ ජීයූ බෙන්ච් එකෙන් වාඩිවෙලා එයා එනකම් බලාගෙන ඉන්න විදිහ.ජිමින් දුවගෙන ඇවිත් ජීයූ ලගින් වාඩි වුනා.
නත්තලට තෑගි ගොඩකුත් අරගෙනයි අද ජිමින් ආවෙ.මොකද හෙට ඉදන් Kindergarten එකේ ලමයිට නත්තල් නිවාඩුව හම්බෙනව කියල ජිමින් දැනගෙන හිටියා.
JM : "අද කලින්ම ඇරුනද ජීයූ ?"
👼 : "නේ ජිමිනි අන්කල්..අපිත නිවාඩුනෙ හෙට ඉදන්.."
JM : "ඔහ්..ඒ කියන්නෙ අපි ආයෙ ගොඩක් කාලෙකට හම්බෙන්නෙ නෑ.."
ජිමින් කිව්වෙ ජීයූ ගෙ මූනට එබිලා..ජීයූ දුකෙන් වගේ ජිමින් දිහා බලල ඔලුව හෙල්ලුවා..
ESTÁS LEYENDO
His Moon [Jikook | Completed ]
Fanfic' I love you deeply,madly, Unconditionally, forever and ever. Angel,You are the world to me.! ' -JK [ Jikook Sinhala Fanfiction ]