ඒ දවස පුරාම ජන්ග්කුක් ජිමින්ගෙ නපුරු දුෂ්ට හැසිරීම වගේම මෘදු අහිංසක හුරතල් හැසිරීමත් හොදටම දැක්කා.සමහර වෙලාවට ජන්ග්කුක්ට තේරුම් ගන්න බැරි වුනා ජිමින් මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නෙ කොහොමද කියලා.
කොහොම වුනත් ඒ දවස කුකීට වගේම ජිමින්ටත්,හොබීට වගේම යුන්ගියාටත් කාලෙකින් සතුටෙන් නිදහසෙන් ගත කරන්න ලැබුන දවසක් වුනා.
හතර දෙනාම චයිනීස් රෙස්ටූරන්ට් එකකින් කෑම කාලා ඉක්මනට අපාර්ට්මන්ට් එකට එන්න ලෑස්ති වුනා.
මොකද හෙට ෂෙඩියුල් එක මතක් වෙද්දි හැමෝම හිතුවෙ කලින් ගෙදර ගිහින් ටිකක් රෙස්ට් කරන්න ඕනෙ කියලා.
හෙට උදේම රෙකෝඩින් වලට ස්ටූඩියෝ එකට යන්න වගේම හවස ඩාන්ස් ප්‍රැක්ටිස් විතරක් නෙවෙයි ජිමින් හෙට අනිවාර්යයෙන් ම ලයිව් එකක් කරන්නත් බලාපොරොත්තුවෙන් හිටියා.
යන්න කලින් හතර දෙනාම එකට ගත්ත සෙල්කා එකක් හොබී ඉන්ස්ටග්‍රෑම් එකටත් අප්ලෝඩ් කලා.ජිමිනුයි කුකීයි වගේ නෙවෙයි හොබියට ඔය මතක සටහන් එකතු කරන පුරුද්ද තදටම තිබුනා.
රෙස්ටෝරන්ට් එකේදි ජිමින්ගෙ හැසිරීම මොන වගේද කිව්වොත් අන්තිමට ජන්ග්කුක්ගෙ කෑම ප්ලේට් එකත් උස්සලයි නතර වුනේ.
JM : "ජන්ග්කුක්,ඇයි කන්නෙ නැද්ද?"
JK : "දැන් නම් ඇති වගේ.."
ජන්ග්කුක් කිව්වෙ බොරුවට.
ජිමින් ඊලගට එහෙම දෙයක් කරයි කියල ජන්ග්කුක් හිතුවෙ නෑ.JM : "කෑම අපරාදෙ.මට දෙන්න.."
ජිමින් කිව්වෙ ජන්ග්කුක්ගෙ ප්ලේට් එක දිහා බලාගෙන තොල ලෙවකාලා.
JK : "මොකක්ද ? නෑ නෑ දැන් ඔයා ඕනවටත් වඩා කෑවා ජිමිනා.
ඩයට් කරනවා කියලා නේද කිව්වෙ?"JM : "හ්ම්.."
ජිමින් මූන බිමට හරවගත්තා.
හ්ම්..එ් මූන දැක්කම ජන්ග්කුක් එයාගෙ ප්ලේට් එක හෙමින් ජිමින් දිහාට තල්ලු කරා.
තුන් දෙනාම පුදුමෙන් බලාගෙන හිටියෙ ආයෙත් චොප්ස්ටික්ස් අතට අරගෙන කෑම ප්ලේට් එකට හිනාවෙවී කන්න පටන් ගත්ත ජිමින් දිහා.
මේක බඩක්ද?අගාධයක්ද?
KAMU SEDANG MEMBACA
His Moon [Jikook | Completed ]
Fiksi Penggemar' I love you deeply,madly, Unconditionally, forever and ever. Angel,You are the world to me.! ' -JK [ Jikook Sinhala Fanfiction ]