Confession 🎗️(43)

3.2K 617 512
                                    

🐰: මගේ වස්තු කැටේ ~

ටේහියුන්ග්ගේ මුහුන ලඟටම කිට්ටු වෙලා තමන්ගේ නහය ටේහියුන්ග්ගේ නහයේ මුල අතුල්ලන ගමන්  එහෙම මිමිනුව ජන්කුක් ටේහියුන්ග්ගේ උරහිස උඩින් ඔලුව තියා ගනිද්දි ජන්කුක්ගේ පිට සිනිඳුවට අත ගාමින් හිටිය ටේහියුන්ග් ජන්කුක්ගේ කොන්ඩ කැරැල්ලක් කන පිටිපස්සේ රදවන ගමන් හිනා වෙන්න ගත්තේ කලින් දවසකත් මේ වගේම බීලා කියවපූ ජන්කුක්ව මතක් වෙලා....

🐯: අහ් ? මං ඔයාගේ වස්තු කැටේද ?

🐰: ඔව් නේ පණේ...මෙහෙ මට එදා වගේ කිශි එකක් දෙනෝද ?

🐯: කවදා වගේද හ්ම්ම්...?

🐰: අර එදා අපි හෝටලේ ඉද්දි හුන්ගී බබා දුන්නේ...අන්න වගේ එකක්....

ජන්කුක් ටේහියුන්ග්ගේ උරහිසේ ඉදන් පහලට රූටලා ගිහින් ඒ ශක්තිමත් පපුවේ මුහුන අතුල්ලන ගමන් තොල් දෙකත් උල් කරන් එහෙම කිව්වා....

නමුත් ජන්කුක් කියපූ දේ ගැන හරි වැටහීමක් නොතේරුන  ටේහියුන්ග් තමන්ගේ ඇහිබම හකුලව ගන්න ගමන් ජන්කුක් කියන දේට තවත් අවදානේ දුන්නේ එයාට හොටෙල් එකේදි එහෙම කිස් එකක් දුන්න සිද්දියක් ගැන මතකයක් නොතිබ්බ නිසා....

🐯: මං ඔයාට කොයි වේලාවේද හෝටෙල් එකෙදි කිස් දුන්නේ...?

🐰: ඇයි හුන්ගී බොලේ , ඔයා මාව ඇඳට පෙරලගෙන උම්මා ගොඩාක් දීගෙන දීගෙන ගියේ....ඔයා දන්නවාද කුකී බබා ඒකට හුඟාආආඅක් කැමතියි හුන්ගී මැණික...

🐯: ජ්...ජන්කුක් මොනාද මේ කියවන්නේ...මට එහෙම මුකුත් මතක නැහැ....

ජන්කුක් කිව්ව දේත් එක්ක හිත ගස්ස ගත්ත ටේහියුන්ග් එහෙම කිව්වේ ටිකක් බයෙන් වගේම ජන්කුක් මේ කියන දේවල් විශ්වාස කරන්න බැරුව....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now