E̶P̶02 සදා මතකයේ

303 44 10
                                    


"  මේ ඕයි සිරාවටම ඒ මොකද්ද උනේ බන්..."

සමා මගේ පැත්ත හැරෙන ගමන් ඇහුවා ඒත් එක්කම සජා ත් මගෙ පැත්තටම හැරුනා ඇත්තටම මම ඉන්නෙ ඒ දෙන්නගෙ මැද ඩෙස් එකේ දැන් ඉතින් දියන් කො උත්තර මම දන්නෙත් නැ ඒ උනේ මොකද්ද කියලා...

"  ඒ සමා මට හිතෙන්නෙ  අර මිමැච්චි අපේ කෙල්ලට  වසග වෙලාද කොහෙද එක බැල්මෙන්ම 🌚 "

"  මටත් හිතුනෙ ඒමයි බන් සජෝ...ඒනම් ඉතින් අපේ දියාටත් සරා විද්දා..."

" ඈ බන් සමා  කවුද යකෝ යකෝ සරා...🙄 "

" ඇයි යකෝ මල් සරා..."

"  මල් සරා නෙමෙයි විදලා තීන්නෙ බන් සමා මල් සරී 🌚 "

"  නවත්ත ගනින් බන් එහෙම එකක් නැ එයා නිකන් එහෙම කරන්න  ඇත්තෙ අනික වෙන කාට හරි වෙන්න ඇති..."

මම බැරිම තැන කෑ ගැහුවෙ මුන් දෙන්නගෙ මේ පිස්සු කතා අහගෙන ඉන්න බැරි නිසා  

"  අනේ මේ ගොනෝ එතන ඉදියෙ තමුසෙ විතරයි අනික උබ හිතුවද ඒකිගෙ එක ඇහැකට හදිස්සියෙ රොඩු ගියා කියලා ආ..."

සජා කෑ ගැහුව විදියටනම් මට උගේ කටට පාන් කෑල්ලක් ඔබන්න හිතුනා අපේ වටේ ඉදපු ඔක්කොම ලමයි අපි තුන් දෙනා දිහා බැලුවා සමා නම් ඔලුවෙ අත ගහ ගත්තා හොද වෙලාවටම ඒ වෙලේ අපේ සිංහල සර් ආවෙ එයා මාර සැරයි ඉතින් ඔක්කොම ලමයි එයාලගෙ වෙන වෙන වැඩ ඔක්කොම නවත්තලා පාඩම අවදානෙ දුන්නා ඒත් මම නම් කල්පනා කරේ උදේ උන දේ....

ඔව් උදේ මම නිමානි අක්කා දිහා බැලුව එයා එක සැරේ මට ඇහැක් ගැහුවා ඒ මොකද්ද උනේ කියලා හිතා ගන්න බැරිම මම ශොක් උනා එයානම් එතනින් ගියා මම කවදාවත් නැතුව ඉදා පිටිපස්ස හැරිලා බැලුවා නැ හැරිලා බැලුනා එතකොටම එයත් බැලුවා එයා එක්ක ඉදියෙ එයාගෙ හොදම යාලුවා දිශා අක්කා එයත්  හිනා වෙවී ගියා....

ඕක තමයි ඒ වෙලේ ඉදන් මුන් දෙන්නා මගෙන් අහන්නෙ 😒  මම දන්නෙ කොහොම ඒක එයාගෙන් එපැයි අහන්න....

ඕවා මේවා කල්පනා කර කර ඉදියා පෑනත් කරකව කරකව එහෙන්ම සිංහල පීරියඩ් එකත් ඉවර උනා ඊට පස්සෙ තිබ්බෙ ඉතින් ඉතිහාසෙ ඒකත් ඔහේ උඩබලාගෙන නිදි මතේ ඉවරකරා ....

 ♡ Her gaze ❆Where stories live. Discover now