I LOVE YOU ❤️......
ඔව් ඒයා එහෙම තමයි කිව්වේ. හැබැයි ඒ මට නම් නෙවෙයි 😶
I LOVE YOU SOOYA ❤️......
එයා එහෙම කිව්වේ එයාගේ ඉස්සරහ හිටපු Girl ට. ඒ Girl ත් ඇස් දෙකේ කදුළු පුරවන් ඔළුව වැනුවෙ එයා කැමති කියන්න. ඒ ක්ෂණයේම ඔහු ඇයව වැළදගත්තා.
තමන්ගේ මුළු ලෝකයම ඇස් ඉස්සරහම දෙපා මුල කඩන් වැටුනා වගේ හේසුට දැනුනා.
හේසු ඉක්මනින් එතනින් එහාට වුණේ ඔවුන් දෙදෙනාට බාධාවක් නොවන අයුරින්. හේසු තමන්ගේ Car එකත් එතන දාල Taxi එකකට නැග්ගේ Car එක Drive කරන්න තරම් පණක් නැහැ කියලා දැනුනු නිසා. තමන්ගේ ගමනාන්තය Taxi Driver ට කියපු හේසු Shuttle එකෙන් එලිය බලා ගත්තේ කදුළු වලට ඔහේ ගලන් යන්න ඉඩ දීලා.
හේසු පසුතැවුනා ඒ ඔහුට ආදරය කළ එකට නෙවෙයි. මාස 6 කට වඩා වැඩි කාලයක් ඔහුට ආදරය කරලත් ඔහු ගැන කිසිම විස්තරයක් හොයල නොබලපු නිසා. අඩුම තරමේ හේසු ඔහුගේ නමවත් දැනගෙන හිටියේ නැහැ. හේසු ඒ පිළිබඳ උනන්දුවක් දැක්වූවෙත් නැහැ.
තමන් ඔහු වෙනුවෙන් කොතරම් සිහින දැක්කද කියලා හේසු මතක් කලා. ඔහු හා ඇගේ අනාගතය ගැන කොතරම් බලාපොරොත්තු ඇති කර ගත්තාද කියලා ඇය කල්පනා කළා. ඒත් අද ඒ හැමදේම විනාශ වෙලා ගියා.
Taxi එකෙන් බැහැපු හේසු Apartment එකට ආවේ ඇවිදින මළ සිරුරක් වගේ. කෙලින්ම තමන්ගේ කාමරේට ආපු හේසු කාමරේ දොර වහලා ඒකටම පිට දීලා දොර පාමුල ඉදගත්තා.
හේසුගෙන් ලොකු ඉකියක් පිට වෙන්නත් එක්කම දණහිස් දෙක මත ඔළුව තියාගෙන හයියෙන් අඩන්න පටන් ගත්තා. ඒත් හේසුව සනසන්න ඇය ළග කවුරුවත් ම හිටියේ නැහැ. හේසුට ඇගේ දෙමව්පියන් මතක් වුණා. අද ඔවුන් හිටියා නම් ඇයට මෙහෙම තනි වෙන්න වෙන්නේ නැහැ කියලා හිතුනා. පුංචි කාලේ ඉඳන් ම තනිකමට හුරුවෙලා හිටපු හේසුට අද මහා තනිකමක් දැනුනා.
අඩ අඩම හේසුට එතනම නින්ද ගිහින් තිබුණා.මහ රෑ හේසුට ආයෙ ඇහැරුනේ දැනුනු බඩගින්න නිසා. නැගිටින්නවත් පණක් නොතිබුණු හේසු හිමින් නැගිටලා ගෙදර බඩු අල්ලගෙනම Kitchen එකට ගිහින් කන්න පිරියක් නැති නිසා ම වතුර වීදුරුවක් බිව්වා. එහෙමම ආයෙ ඇදට ගිහින් හේසු සිවිලිම දිහා බලන් කල්පනා ලෝකෙක අතරමං වුණා.
සිවිලිම දිහා බලන් කල්පනා කර කර හිටපු හේසුට නින්ද ගියේ උදේ වෙලා. ඒත් වෙනද නැගිටින වෙලාවටම නැගිටපු හේසු ලෑස්ති වුණේ Office යන්න. රෑ පුරා අඩලම ඉදිමුණු මූණට හේසු පුංචි Make up එකක් දා ගත්තේ මුනේ තියෙන වෙනස අනිත් අයට නොපෙනෙන්න ඕන නිසා.Office ගියත් හේසුට ඔළුව නිදහසේ වැඩක් කරන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඒ නිසා ම හේසු වෙනදට වඩා කලින් Office එකෙන් ආවෙ නිදහස් තැනකට යන්න.
ඒ හරියෙම වගේ Park එකක් තිබුණු නිසා හේසු පයින්ම Park එකට ගියා. ගිහින් හුදකලාව තිබුණු Bench එකක වාඩි වුනු හේසු හිස් අහස දිහා බලන් ඉන්න වුණා.
තමන්ගේ හිතත් දැන් මේ අහස වගේම හිස් වෙලාදෝ කියලා හේසුට හිතුනා.සෑහෙන වෙලාවක් ඒ විදිහටම හිටපු හේසු එතනින් නැගිට්ටෙ Restaurant එකට යන්න. Park එකෙන් එලියට එන වෙලාවෙ හේසු දැක්කේ හුරු පුරුදු රුවක්.හැබැයි තනියම නම් නෙවෙයි.
හේසු දැක්කේ පියානෝ වාදකයා සහ ඔහුගේ පෙම්වතිය හරිම ආදරෙන් අත්වැල් පටලන් Park එකෙන් එලියට යනවා.
හදවතට පිහි තුඩකින් අනිනවා වගේ දැනුනත් හේසු දරාගෙන හිටියේ තමන්ගේ කදුළු අනිත් අය දකිනවට ඇය අකමැති වූ නිසා.
හේසු Restaurant එකට යන කොටත් වාදනය ආරම්භ වෙලයි තිබුණේ. හේසු දැක්කා ඔහු ඇය (Sooya)වෙත ආදරයෙන් බලන ගමන් හරි ලස්සනට පියානෝව වාදනය කරනවා. හේසු හැගීම් විරහිතව ඒ දිහා බලාගෙන හිටියා.
කාලය ගෙව්නේ හීයක වේගෙන්. ඒ සිදුවීම වෙලත් මේ වෙනකොට මාස 3 ක් ගත වෙලා.
කලින් වගේ ම හේසු තවමත් හැමදාම හවසට Restaurant එකට යනවා. තවමත් කලින් වගේ ම ඔහුට ආදරය කරනවා ❤️ ඔහු තමන්ට අයිති වස්තුවක් නෙවෙයි කියලා දැන දැනම ඇය ආදරය කරනවා ❤️
______________________________________
Typing mistakes වලට සමාවෙන්න
අඩු පාඩු කියන්න කස්ටිය......😊
🌼 BORAHAE 💜
✍️ THARA🥀

YOU ARE READING
🍂 LØVÉLY PÉTÁLS 🌸
Фанфикදෙසවන් පිනවන සුමියුරු වාදනයටත් 🎶 නෙත් සිත් ඇදගන්නා රූපයකටත් 🤍 වශී වූ ජීවිතයේ කවදාවත් නොලද ආදරයම සොයනා අහිංසකාවියක් ❤️ තම රූපයෙන් 💕 දක්ෂතාවයෙන් සැමගේ සිත් දිනාගත් ✨ කඩවසම් දගකාරයෙක් 💜 ඇයට පුළුවන් වේවි ද ඔහුගේ ම වී ❤️ ඔහු වෙනුවෙන් ඇය තැනූ උද්‍යානය...