Chapter 06 🌸

20 8 2
                                    

        හේසුට නම් පියානෝ වාදකයා නොදැක එක මොහොතක්වත් ඉන්න බැරි තරමට ම ඔහුට ඇබ්බැහි වෙලා. ඒ නිසා ම හේසු දවසක් හොරෙන්ම  ඔහුගේ Photo එකක් අරගත්තා. Office එකේදිත් සැරින් සැරේ ඒ  Photo එක දිහා බලන් ඉන්න එක තමයි හේසුගේ ලොකුම රාජකාරිය වුණේ. Office නොයන සමහර දවස්වලට හේසු හවස් වෙනකල් කාලය ගෙවා ගන්නේ බොහොම අමාරුවෙන්.

         හේසු දැන් හීන දකිනවා. ඔහුත් ඇයත් පමණක් ම ඉන්න ඇයගේ ම සිහින ලොවක ✨

          වෙනද වගේම හේසු අදත් Office එකේ ඉදන් ගියේ Restaurant එකට. පුංචි වේදිකාව පේන විදිහට වාඩි වුණු හේසු බලන් හිටියේ ඇගේ සිහින කුමාරයා එනකල්.
         මේ අතර හේසුට ඇහෙනවා එයාගේ  Table එකට එහා Table එකේ  ඉන්න Girls ලා දෙන්නෙක් කතා කරන දේවල්. අනිත් අයගේ කතා අහන් ඉන්න එක නරක දෙයක් වුනත් හේසු ඒ කතාවට ඇහුම්කන් දුන්නේ ඒ අය කතා කලේ ඇගේ සිහින කුමාරයා ගැන නිසයි.

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🌺 අනේ එයා හරිම Handsome නේද?🤭

🏵️ ඔව් අනේ හරිම Cute🤗 ඒත් ඊටත් වඩා මාරම Sexy look එකක් තියෙන්නේ 🤭

🌺මට නම් නිකං පිස්සු වගේ 🤪

🏵️ Girlfriend කෙනෙක් ඉන්නවා ද දන්නෑ 😣

🌺 ඉන්නවත් ඇති සමහර විට නැතුවත් ඇති 😉

🏵️අනේහ්... නැත්නම් හොදයි 🤗 එයාගේ Phone Number එක ඉල්ල ගන්න බැරිවෙයි ද දන්නෑ 🤭

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

            මේ දේවල් අහන් හිටපු හේසුට නම් ඉරිසියා නොහිතුනා කිව්වොත් බොරු. මොකද ඒ වෙනකොට හේසුගේ මූනත් එක්කම රතු වෙලයි තිබුණේ ඉරිසියාවටම.
         පියානෝ වාදනය ආරම්භයත් සමගම හේසු එයට අවනත වුණේ අඩන පුංචි දරුවෙකුට සෙල්ලම් බඩුවක් ලැබුන වගේ. ඒ මියුරු හඩ නිසා හේසුගේ ඉරිසියාව අමතක වෙලා ගියා.     
        වාදනය අවසන් වෙලා හේසු Restaurant එකෙන් එලියට එන ගමන් අර Girlsලා දෙන්නට රවන්න අමතක කළෙත් නෑ.  (🤭)

        හේසු ගෙදර එන ගමනුත් කල්පනා කලේ තව කීදෙනෙක් නම් මේ විදියට තමන්ගේ සිහින කුමාරයාට බැල්ම දානවාද දන්නෑ කියලා. හේසු ගෙදර ආවේ මොනම දෙයක් සිද්ධ වුනත් හෙට අනිවාර්යයෙන්ම ඔහුට තමන්ගේ හිතේ තියෙන දේ කියනවමයි කියලා තීරණයක් අරගෙන.

          වෙනදාටත් වඩා කලින් ඇහැරුනු හේසු උදේ ඉදන්ම තමන්ගේ කන්නාඩිය ඉස්සරහට වෙලා ඔහුත් එක්ක කතා කරන විදිහ පුරුදු වුණා.

          හවස් වෙලා කහ පාට Off Shoulder Frock එකක් ඇදලා කොණ්ඩය පුංචි කොන්ඩ කටුවකින් රදවගත් හේසු කන්නාඩිය ඉස්සරහට වෙලා වට කීපයක් ම කැරකෙන ගමන් තමන්ගේ ම ලස්සන වර්ණනා කරගත්තා.  (😌)

"ශා.....  බලන්න හේසු ඔයා අද හරිම ලස්සනයි ❤️ සුරංගනාවියක් වගේ 🤭 "

    එහෙම කියපු හේසු කණ්ණාඩියට පුංචි මදහසක් පා කරලා Restaurant එකට පිටත් වුණා.

    හේසු ගිහින් එයාගේ සුපුරුදු Table එකේම වාඩි වුණා. තමන්ගේ දිහාට බොහෝ දෙනෙකුගේ ඇස් යොමු වෙලා තියෙනවා දැක්කත් ඇය ඒක ඒ තරම් ගනන් ගත්තේ නෑ. ඇත්තටම වෙනදට Office Kit එකෙන් එන හේසුට වඩා අද ආපු හේසු දිහා ගොඩක් අය බැලුවා.

      හැමදාම වගේ සිනහමුසු මුහුණකින් කුඩා වේදිකාවට පිවිසි පියානෝ වාදකයා තමන්ගේ වාදනය ආරම්භ කළා. ඒ දිහා වශීකෘත දෑසින් බලන් හිටපු හේසු වාදනය අවසන් වූවාට පසු චකිතයක් වගේම පුංචි බයකුත් එක්කම වාදකයාට වෙන්වුණු කුටිය වෙත ඇදුනා.

        දොර ළගට වෙලා ටිකක් කල්පනා කරපු හේසු හොඳ හුස්මක් අරන් දොරට තට්ටු කරන්නයි හැදුවේ. ඒත් දොරට අත තියනවත් එක්කම ඉබේට ම දොර ඇරුනා. දොර ඇරෙනවත් එක්කම හේසුට ඇහුනේ හීනෙකින් වත් නොහිතපු දෙයක්.............

______________________________________

මොනාද ඇහුනේ......?🙄

Typing mistakes වලට සමාවෙන්න හොදේ😁

අඩු පාඩු කියන්න...

🌼 BORAHAE 💜

✍️THARA🥀

🍂 LØVÉLY PÉTÁLS 🌸Where stories live. Discover now