His girlfriend 🧞(44)

3.1K 644 686
                                    

🐰: හුන්ගී අද කොහොමද ? අර ඔපිස් එකේ උන ප්‍රශ්නේට මොකද උනේ ?

🐯: ඒක හොඳයි....

🐰: හුන්ගී ප්‍රශ්නේ විසඳ ගත්තාද ?

🐯: හ්ම්....

🐰: හුන්ගීට කියන්න මං අද-

🐯: මොන රෙද්දක්   ජන්කුක්...!!!පොඩ්ඩක් කට වහගෙන ඉන්න බැරිද තමුසේට...මොන විකාරයක් මන්දා කියවනවා කියවනවා....මගේ ඔලුවත් රිදෙනවා....

රෑ කෑමට කුස්සියට ආපූ ටේහියුන්ග් උදේ වරුවේ වගේම ජන්කුක්ගේන් ඈත් වෙලා පුටු දෙක තුනක් එහාට වෙන්න  ඉද ගත්තා....

ටිකකින් අජුම්මා එයාලාට කෑම බෙදන අතරේ ජන්කුක් වෙනදා වගේම එයාගේ කෝච්චි පෙට්ටිය දිග ඇරියේ දවසේ උන සේරම දේවල් කියන්න වගේම ටේහියුන්ග්ගේ අද දවස කොහොමද කියලා අහන්න....

මුලු මුහුන පුරාම හුරතල් හිනාවක් ඇදගෙන ටේහියුන්ග් එක්ක හරි ආසාවෙන් කතා කරන්න ගත්ත ජන්කුක් , ටේහියුන්ග්ගෙන් ලැබෙන  කෙටි පිලිතුරු  ගානක් නොගෙන දිගින් දිගටම එයාගෙන් ප්‍රශ්න අහන්න ගත්තාත් ජන්කුක්ගේ නිමාවක් නැති ප්‍රශ්න ටේහියුන්ග්ට නම් තවත් හිසරදයක් උනා....

ඉවසලා ඉවසලා බැරිම තැන වේගෙන් මේසේට අත් දෙක ගැහුව්ව ටේහියුන්ග් මුලු කුස්සියම දෙවනත් වෙන්න ජන්කුක්ට කෑගැහුව්වේ ජන්කුක් ගැස්සිල්ලා ඉක්මනින් තමන්ගේ කට අතින් වහ ගනිද්දි.....

ඒ අතර ටේහියුන්ග්ගේ කෑම පිඟාන අතේ තියන් හිටිය අජුම්මා ටේහියුන්ග් දිහාවට ඇහිබම හකුලවගෙන බැල්මක් දැම්මා....

👩: මොකද පොඩි බෙබී ඔච්චර කෑගහන්නේ...? දරුවා ඇහුව්වේ ඔයාගේ කම්පැනි එකේ ප්‍රශ්නේ කොහොමද කියලා විතර නේ...ඇයි ඒකට ඔච්චර කේන්ති ගන්නේ...?

Bratty kid     (Completed ✅)Where stories live. Discover now