Cockroaches 🦗(46)

3.3K 647 483
                                    


පාන්දර තුනට විතර ජන්කුක්ගේ කාමරේ දොර ඇරිලා ගියේ ඉබේම වගේයි....

ටිකකින් ඒ අතරින් පිජාමා එක ඇදගෙන නිදි ගැට කඩමින් එලියට ආව ජන්කුක් එක අතකින් තමන්ගේ ඇහැ පිහිද පිහිද අනිත් අතෙන් එහා පැත්තේ තිබ්බ බිත්තියට වාරු වෙලා කොහොම හරි කලුවරේම පඩිපෙල ලඟට ආවා....

යාන්තමට ඇස් වල තිබ්බ බොද උන ගතිය ඇරිලා ගියාම ජන්කුක් පල්ලෙහා තට්ටුවට යන්න එක පඩියක් පල්ලෙහාට බැස්සත් කට්ට කරුවලේ පඩි විස්සක් විතර බහින එක නුවනට කෙසේ වෙතත් ගතට හොඳ නැහැ කියලා තේරුම් ගත්ත ජන්කුක් එහෙමම පඩිපෙලේ වැටට කකුල් දෙක දෙපැත්තට හිටින විදිහට දාගෙන වැට අල්ලගෙනම පහලට ලිස්සලා ගියා....

හරියටම වැට ඉවර වෙන තැන තියෙන newel cap එකේ පස්ස ඇනුනාම ජන්කුක් එකෙන් බැහැලා තිබ්බ පුරුද්දටම කුස්සිය බලා ගියා....

කුස්සියේ ඇතුල් වෙන තැනම තිබ්බ බිත්තිය අල්ලන් අවටින් ඇහෙන සද්ද වලට ටිකක් ඇහුම් කන් දුන්න ජන්කුක් අල්ලන් ඉන්න බිත්තිය අත ගාලා ගාලා කුස්සියේ සෙට් කරලා තියෙන ලයිට් පේලියේන් දෙක තුනක් විතරක් ඔන් කරා.....

ස්විච් දෙක තුනක් විතරක් ඔන් කරපූ එකෙන් කුස්සිය අඬ අඳුරේ පැවතුනාත් ඒ අඳුර කුස්සියේ බඩු පේන්න තරම් සමත් උනා.....

ආයේම ඇස් පිල්ලම් ගගහා  නිදි මත සම්පුර්ණයෙන්ම යවා ගත්ත ජන්කුක් කුස්සිය ඇතුලට පලවෙනි අඩිය තියන ගමන් හොයන්න පටන් ගත්තේ නිදා ගන්න යන්න කලින් එක එක කෑම වර්ග දාලා කුස්සියේ මුල් වල හැංගුව ඒ පුංචි කාර්ඩ් බෝර්ඩ් කෑලි ටිකයි....

එක කාර්ඩ් බොර්ඩ් එකක් සින්ක් එකේ පැන්ට්‍රී එක යටින්ද , තවත් එකක් ෆ්‍රිජ් එක මුල්ලෙන්ද , තවත් කාර්ඩ් බෝර්ඩ් එකක් මේසේ යටින්ද හොයා ගත්ත ජන්කුක්ගේ මුහුනේ ටිකකින් ඇඳුනේ සාර්ථකවයේ හිනාවක්....

අජුම්මා හැමදාම රෑට කුස්සිය සූද්ද කරන එකට හේතුව අහ ගත්ත ජන්කුක් ඕනකමින්ම ඒ කාඩ්බෝඩ් වලට කෑම කෑලී දැම්මේ එයාගේ වැඩේ කොහොම හරි ඉශ්ට කර ගන්නයි...

හිතුවා වගේම තමන් දාපූ කෑම වලට කැරපොත්තො වහලා ඉන්නවා දැක්ක ජන්කුක් එහෙමම තමන්ගේ පිජාමා කලිසමේ waist band  එකට හිර කරලා  තිබ්බ තරමක් විශාල පෙට්ටියක් අතට ගත්තා.....

Bratty kid     (Completed ✅)Where stories live. Discover now